කොරෝනා නිසා තැපෑලෙන් ආ බෙහෙත් බිව් සිසුවෙකුට පෙනීම අහිමි වෙයි (VIDEO)
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
16

කොරෝනා නිසා තැපෑලෙන් ආ බෙහෙත් බිව් සිසුවෙකුට පෙනීම අහිමි වෙයි (VIDEO)

කොරෝනා නිසා තැපෑලෙන් ආ බෙහෙත් බිව් සිසුවෙකුට පෙනීම අහිමි වෙයි (VIDEO)

අපස්මාරය සඳහා මීරිගම මූලික රෝහලෙන් ලබාදුන් ඖෂධ හේතුවෙන් පෙනීම අහිමි වූ පුවතක් ගම්පහ කල්එළිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

 

16 හැවිරිදි වියේ පසුවන ලෙනින් නිරෝෂන් ජීවත්වන්නේ ගම්පහ කල්එළිය වැවහේන්වත්ත ප්‍රදේශයේය.

 

පසුගිය වසරේ සිට අපස්මාරය සඳහා මීරිගම මූලික රෝහලෙන් ප්‍රතිකාර ගන්නා ලෙනින්ට කොවිඩ් – 19 වසංගත හේතුවෙන් නිවසටම ඖෂධ ලැබී තිබුණි.

 

ඒ අනුව ඔහුට ඖෂධ ලැබී තිබෙන්නේ පසුගිය අප්‍රේල් 06 වන දා ය.

 

නමුත්, ඒ ඖෂධ පානය කිරීමත් සමග ලෙනින්ගේ පෙනීම නැතිව ගොස් තිබේ.

 

“ෆිට් එකට බෙහෙත් බිබී හිටියේ..ඇඳිරි නීතිය නිසා කොරෝනා සිද්ධිය නිසා බෙහෙත් ගන්න විදිහක් නැහැ ක්ලීනික් යන්න.. තැපෑලෙන් තමයි මේ බෙහෙත් ආවේ.. පුතාට දිය යුතු බෙහෙතක් නෙවෙයි දීලා තියෙන්නේ වෙන බෙහෙතක් එවලා තියෙන්නේ.. ඊට පස්සේ මෙයාට බිබිලි දැම්මා.. ඒ බිබිලි ලොකු වුණා… ඊට පස්සේ ඇඟ දියවෙන්න පටන් ගත්තා.. අපි වතුපිටිවල ඉස්පිරිතාලේ නතර කළා.. ඇස් වාට්ටුවට ගෙනිච්චා..නමුත්, ඇස් දෙක පේන්නේ නැහැ. අනිත් ඒවා නම් සුව වුණා..” යනුවෙන් ලෙනින්ගේ පියා සහ මව පවසයි.

 

මව්පියන් පවසන්නේ රෝහලෙන් ලබාදුන් ඖෂධ හා මීට පෙර ලබාදුන් ඖෂධ අතර වෙනසක් පවතින බවය.

 

සිය පුතණුවන්ගේ පෙනීම ලබාගැනීම සඳහා මව්පියන් නොයෙකුත් ප්‍රතිකාර කළ ද ඒවා මෙතෙක් සාර්ථක වී නැත.

 

අපස්මාරය සඳහා දරුවාට ප්‍රතිකාර කළ ඔවුන්ට දැන් ඇස් පෙනීම යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා තවත් පිරිවැයක් දැරීමට සිදුව තිබේ.

 

දැන් මෙම මව්පියන් සතු එකම බලාපොරොත්තුව, සිය එකම දරුවාගේ දෑස්වලට පෙනීම ලබා ගැනීමය.

 

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීම සඳහා සූදානමින් සිටි ලෙනින්ගේ පාසල් ගමන ද මේ වන විට නැවතී තිබෙන්නේ සිය අනාගත බලාපොරොත්තු ද බිඳ දමමින්.

 

“හොඳට ඉගෙන ගෙන IT අංශයෙන් ඉස්සරහට යන්න හිටියේ.. මගේ ඇස් දෙක සනීප කරලා දෙන්න.. පිං සිද්ධ වෙනවා..”ලෙනින් අප සමග පැවසීය‍.

 

කෙසේවෙතත්, මීරීගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී ජයන්ත අභයරත්න මහතා පැවසුවේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් මගින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

 

views

757 Views

Comments

arrow-up