පාසල්වල ගැටෙන ක්‍රීඩා ඉසව් සහ පුහුණු වීම් තාවකාලිකව අත්හිටුවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
25

පාසල්වල ගැටෙන ක්‍රීඩා ඉසව් සහ පුහුණු වීම් තාවකාලිකව අත්හිටුවයි

පාසල්වල ගැටෙන ක්‍රීඩා ඉසව් සහ පුහුණු වීම් තාවකාලිකව අත්හිටුවයි

නැවත දැනුම් දෙන තුරු පාසල්වල ගැටෙන ක්‍රීඩා ඉසව් සහ පුහුණු වීම් තාවකාලිකව අත්හිටුවා ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.


එහි රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා සඳහන් කළේ, පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන එම තීරණය ගත් බවය.

 

පාසල්වල නොගැටෙන ක්‍රීඩා ඉසව්වල පුහුණුවීම් කිරීමට අවසර දී ඇතැයි ද ඔහු පැවසුවේ ය.

 

ඊට අදාළ තරගාවලි එළැඹෙන මහ මැතිවරණයෙන් පසු සංවිධානයට අවසර දෙන බව ද රාජ්‍ය ලේකම්වරයා පැවසීය.

 

රංජිත් චන්ද්‍රසේකර මහතා පැවසුවේ, 11 / 12 සහ ‍13 වන ශ්‍රේණිවල අධ්‍යන කටයුතු ලබන සඳුදා සිට යළි ආරම්භ කරන බවයි.

 

එම ශ්‍රේණි සඳහා ඉගැන්වීම් කරන ගුරුවරුන් පමණක් පාසල් වෙත වාර්තා කළ යුතු බව ද ඔහු පැවසුවේ ය.

 

ලේකම්වරයා සඳහන් කළේ, උදෑසන 7.30 සිට සවස 3.30 දක්වා පාසල් පවත්වන්නැයි, සියලු විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇති බවයි.

 

මේ අතර ලබන 30 සහ 31 දෙදින සියලු විදුහල්පතිවරුන් පාසලේ රැඳී සිටිය යුතු වේ.

 

අධ්‍යාපන අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළේ, මැතිවරණ කටයුතු සම්බන්ධිකරණය වෙනුවෙන් එලෙස විදුහල්පතිවරුන් පාසල් වෙත කැඳවා ඇති බවයි.

 

 

views

619 Views

Comments

arrow-up