”කිසිම පදනමක් නැතිව වරාය වහලා… ඒවට මම බය නැහැ” – ජනපති
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
01

”කිසිම පදනමක් නැතිව වරාය වහලා… ඒවට මම බය නැහැ” – ජනපති

”කිසිම පදනමක් නැතිව වරාය වහලා… ඒවට මම බය නැහැ” – ජනපති

කිසිදු පදනමක් නොමැතිව වරාය ආශ්‍රිතව අර්බුදයක් නිර්මාණය කිරීමට පිරිසක් උත්සාහ කරමින් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

 

ජනාධිපතිවරයා සඳහන් කළේ, තමා බියපත් කිරීමට ඔවුන්ට නොහැකි බවයි.

 

පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරග වදින බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ සංචාරකය නිරත ජනාධිපතිවරයා මහියංණය මහවැලි ක්‍රිඩාංගණයේ පැවති ජන හමුවකදී මේ බව සඳහන් කළේ ය.

 

එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, කුමන බාධක පැමිණිය ද දුප්පත්කම තුරන් කිරීමට ආරම්භ කළ ගමන නතර නොකරන බවයි.

 

රට ගැන සිතන නායකයෙකු බලයට පත් සෑම අවස්ථාවකම එම වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීම කුමන්ත්‍රණකාරි සහ අන්තවාදී කණ්ඩායම්වල ඉලක්කය වු බව ද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේ ය.

 

අතීතයේදී ඇතැමෙකුට රැකියා ලැබුණ ද දිළිඳු ජනතාවට අවස්ථාවට නොලැබුණු බව ජනාධිපතිවරයා එම ජන හමුවේදී පැවසී ය.

 

සෞභ්‍යාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ජනතාවට දුන් පොරොන්දු ඒ අයුරින්ම ඉටු කරනු බව පැවසු ජනාධිපතිවරයා මැතිවරණය අවසන් වූ වහාම අඩු ආදායම්ලාභීන් සහ උපාධිධාරීන් සඳහා සැලසුම් කළ රැකියා එක් ලක්ෂ පනස් දහස ලබාදෙන බව ද කියා සිටියේ ය.

 

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සමතුන්ට පුහුණුවක් සමග රැකියා ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කරන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.

 

වනඅලි තර්ජණ, මත්ද්‍රව්‍ය උවදුර ‍සහ දෙහිගොල්ල මහා විද්‍යාලයේ අඩුපාඩු පිළිබඳව ද රැස්ව සිටි ජනතාව ජනාධිපතිවරයා දැනුවත් කළේ ය.

 

අතරමග නැවතී ඇති මොරන්ඇල වාරි ව්‍යාපෘතිය කඩිනමින් නිම කර මහියංගනය ප්‍රදේශයේ පානීය ජල ගැටලුව විසඳන බව ජනාධිපතිවරයා එහිදී පැවසී ය.

 

views

855 Views

Comments

arrow-up