කුරුණැගල “රාජසභා ශාලාවට “ හානි කිරීම පිළිබඳව වහාම වාර්ථාවක් ලබාදෙන්න - අගමැති

13 සියවසේ කුරුණෑගල රාජධානි සමයට අයත් වන පුරාවිද්‍යා වටිනාකමක් සහිත ගොඩනැගිලිවලට හානි කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබෙනවා .
මෙම පුරාවිද්‍යා වටිනාකමක් සහිත ගොඩනැගිලි වලට හානි කිරීම පිළිබඳව වහාම සොයා බලා තමාට වාර්ථාවක් ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය වරයා සංස්කෘතික අමාත්‍යවරයා වශයෙන් සංස්කෘතික අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී තිබේ.
ඒ අනුව මෙම පුරාවිද්‍යා භූමියට හානි කිරීම පිළිබඳව සොයාබැලීමට බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා විසින් විශේෂඥ කමිටුවක් පත්කොට ඇත.
කමිටුවේ සභාපතිවරයා වශයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා කටයුතු කරනු ලබන අතර කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්, එම් රත්නායක මහතා, පුරාවිද්‍යාඥ මහාචාර්ය ටී.බී කුලතුංග මහතා සංස්කෘතික අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ප්‍රසාද් රණසිංහ මහතා, සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ වාස්තු විද්‍යාඥ සුමේධා මාතොට මහත්මිය මෙම කමිටුවට ඇතුළත් සාමාජිකයින් වන අතර මෙම මස 23 (2020.07.23) වෙනිදාට පෙර එහි වාර්තාව ලබා දීමට නියමිතය.
කුරුණෑගල නගරයේ පිහිටි මෙම හානි වූ ගොඩනැගිල්ල පුරාවස්තු ආඥා පනත යටතේ පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ගැනෙන ස්මාරකයක් බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
මෙය දහතුන්වන සියවසේ කුරුණෑගල රාජධානි සමයට අයත් රාජ සභා ශාලාව ලෙස ද විශ්වාස කරනු ලැබේ.
794 Views
Comments