පෙර පාසල් පද්ධතිය අමාත්‍යාංශයක් යටතට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
25

පෙර පාසල් පද්ධතිය අමාත්‍යාංශයක් යටතට

පෙර පාසල් පද්ධතිය අමාත්‍යාංශයක් යටතට

පෙර පාසල් පද්ධතිය අමාත්‍යාංශයක් යටතට පවරා ගැටලු නිරාකරණය කිරීමට පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 

 

නව රජය පිහිටුවීමෙන් පසු ප්‍රමුඛ කාර්යයක් සේ සළකා පෙර පාසල් පද්ධතිය අමාත්‍යාංශයක් යටතට පත්කරන බව ජනාධිපතිවරයා පැවසු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

 

ගතවූ දින කිහිපය තුළ සංචාරය කළ සෑම දිස්ත්‍රික්කයකදීම පෙර පාසල් ගුරුවරුන් මුහුණ පා සිටින ගැටලු ජනාධිපතිවරයාගේ අවධානයට යොමු වූ බව එම නිවේදනයේ සඳහන් වේ.

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමට අද (25) මාතර දිස්ත්‍රික්කයේ පැවති ජන හමුවකදී ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.

 

පෙර පාසල් ගුරුවරියන්ට මාසික දීමනාවක් ප්‍රදානය කිරීමට සැලසුම් කර ඇති බව ද එහි දී ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ. 

 

දරුවන්ගේ ජීවිතවල තීරණාත්මක අවධියක් වන පූර්ව ළමාවිය සංවර්ධනය සම්මත ප්‍රමිතියකින් සහ ගුණාත්මකභාවයෙන් යුතුව සැලසුම් කළ යුතු බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදි පවසා ඇත.

 

views

771 Views

Comments

arrow-up