27 වැනි සඳුදා පාසල් නැවත විවෘත වේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
24

27 වැනි සඳුදා පාසල් නැවත විවෘත වේ

27 වැනි සඳුදා පාසල් නැවත විවෘත වේ

ජුලි මස 27වැනි සඳුදා දින සිට සියලුම රජයේ පාසල් වල 11,12,13 ශ්‍රේණි සඳහා නැවත වතාවක් පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා තිබෙනවා.

 

කොවිඩ් 19  වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් මතු වූ නව තත්වයන් හමුවේ පාසල් විවෘත කිරීමේ දින සහ පාසල් පැවැත්වෙන ශ්‍රේණි සහ විභාග පැවැත්වෙන දින  සංශෝධනය කරන ලද අතර, ඒ අනුව 11 ,12 සහ 13 ශ්‍රේණි සඳහා පෙරවරු 7.30 සිට ප.ව 3.30 තෙක් පාසල් පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

 

සෙසු ‍ශ්‍රේණි සඳහා අගෝස්තු මස 10 වැනි දා සිට පාසල් ආරම්භ කෙරෙන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

 

සිසුන් පාසල් වෙත ගෙන්වා ගැනීමේ දී සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ සහ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබාදී ඇති විශේෂ උපදෙස්වලට අනුකූලව පාසල් පවත්වාගෙන යා යුතු බව ද සියලු පාසල් බලධාරීන් වෙත අවධාරණය කර තිබෙනවා

 

2020 මහ මැතිවරණයට අදාළව පාසල් සූදානම් කිරිම හා ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම වෙනුවෙන් මැතිවරණ කටයුතු සඳහා යොදා ගන්නා සියලු පාසල්වල විදුහල්පතිවරුන් සහ නියෝජ්‍ය විදුහල්පතිවරුන් ජූලි මස 28, 29, 30, 31 දිනවල පාසලේ රැඳී සිටිය යුතු බව ද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දන්වා තිබෙනවා.

 

මෙම කාලසිමාව තුළ සිසුන්ගේ අධ්‍යයන කටයුතුවලට බාධාවක් නොවන ආකාරයට, සහකාර කොමසාරිස්වරුන් සමඟ සාකච්ඡා කර, මැතිවරණ කටයුතු සඳහා පාසල් තුළ පහසුකම් සැලසීමට පියවර ගන්නා ලෙස ද විදුහල්පතිවරුන් වෙත එම නිවේදනය මගින් වැඩිදුරටත් දන්වා තිබෙනවා.

 

ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය පහතින්

 

views

910 Views

Comments

arrow-up