JAN
03
හික්කඩුව වෙරළ තීරයට කාන්තාවකගේ මළ සිරුරක් ගොඩ ගසයි

හික්කඩුව වෙරළ තීරයට ගසාගෙන ආ මළ සිරුරක් අද සොයාගෙන තිබෙනවා.
එම මළ සිරුර හික්කඩුව කළුපේ ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි කාන්තාවකගේ බවයි හික්කඩුව පොලීසිය සදහන් කළේ.
ඇයගේ සිරුර කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී සිදුකිරීමට නියමිතයි.
මෙම කාන්තාව දින කිහිපයකට පෙර නිවසින් අතුරුදන් වී ඇති බව මූලික විමර්ශනවල දී හෙළි කරගෙන තිබෙනවා.
89 Views
Comments