මහ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
02

මහ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

මහ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

මහ මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු අද (02) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.

 

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියෙන් පසු මහ මැතිවරණයට අදාළ රැස්වීම් පැවැත්වීම, ඡන්ද ආයාචනා කිරීම, ගෙයින් ගෙට යාම, අත් පත්‍රිකා බෙදීම, ප්‍රචාරණ පුවරු ප්‍රදර්ශනය කිරීම, පෝස්ටර්, දැන්වීම්, බැනර් ප්‍රදර්ශනය කිරීම තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

 

අද මධ්‍යම රාත්‍රියෙන් පසු ආරම්භ වන නිහඬ කාල සීමාව තුළ නීති විරෝධී ක්‍රියාවලින් වැළකී නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීමට උපරිම සහය වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනතාවට දැනුම්දෙයි.

 

පසුගිය මැතිවරණවලට සාපේක්ෂව මෙවර මැතිවරණයේ දී ප්‍රචණ්ඩ ක්‍රියා ද අවම මට්ටමක පැවති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.

 

මේ අතර මෙවර මහ මැතිවරණයට අදාළව රාජ්‍ය සේවකයින් 350,000ක් පමණ සෘජුවම රාජකාරී සඳහා යෙදවීමට නියමිත බව ද සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

 

මේ අතර අද මධ්‍යම රාත්‍රියෙන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් වීම හේතුවෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ සිය අවසන් ජනහමු සඳහා සියලු කටයුතු සූදානම් කරමින් සිටියි.

 

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය අවසන් ජනහමු අග්‍රාමාත්‍යවරයාගේ සහ ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් අද දිනයේ හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ පැවැත්වීමට සැලසුම් කර තිබේ.

 

එක්සත් ජාතික පක්ෂයේ අවසන් ජන රැළිය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මරදාන, ඩීන්ස් පාරේ දී පැවැත්වීමට නියමිතය.

 

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අවසන් ජනහමුව කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේ දී පැවැත්විමට නියමිත අතර ඔහුගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක අද දිනයේ තවත් ජනහමු කිහිපයක් පැවැත්වීමට සූදානම් කර ඇත.

 

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහභාගී වන අවසන් ජනහමුව ද අද පස්වරුවේ මාලිගාවත්ත ප්‍රදේශයේ දී පැවැත්වීමට නියමිතය.

 

views

743 Views

Comments

arrow-up