කංසා නීතිගත කරන්නැයි දේශීය වෛද්‍ය සංගමය ඉල්ලයි

වසර ගණනාවක සිට වේදනා නාශකයක් ලෙස භාවිත කළ දේශීය ඖෂධයක් වන කංසා නීතිගතකර ලෙස සමස්ත ලංකා දේශීය වෛද්‍ය සංගමය ඉල්ලා සිටිනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ උපදේශකවරයෙකු වන වෛද්‍ය ඩැනිස්ටර් පෙරේරා මහතා කියා සිටියේ ලෝකයේ පවතින නීති රීති වෙනස් වෙමින් යන බවක් ලෝක සෞඛ්‍ය සංවිධානය පවා නීතිරීති ලිහිල් කර ඇති වකවානුවක ශ්‍රී ලංකාවේ ද මේ පිළිබඳ නීති ලිහිල් කිරීම කාලෝචිත බවයි. මෙරට කංසා තහනම් කිරීම දේශිය වෛද්‍ය ක්ෂේත්‍රයට සිදු වූ දැවැන්ත හානියක් බව එම සංගමයේ සභාපති පාරම්පරික වෛද්‍ය උපුල් දෑලබණ්ඩාර මහතා පවසනවා. ඉතිහාසයේ සිටම රෝග ගණනාවකටම ඖෂධයක් ලෙස කංසා භාවිතා කළ අතර ලෝක ඉතිහාසයේ සෑම අංශයකම කංසා භාවිතා වී ඇති බව ඔහු පෙන්වා දෙනවා. ඔහු පවසන්නේ කංසා ඉන්දියාවේ ජනතා ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යන බවයි.
715 Views
Comments