IDH රෝහලෙන් පළා ගිය රෝගියා අතර මගදී නිවසකට පැන පාපැදියක් සහ ඇඳුම් සොරා ගෙන
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
25

IDH රෝහලෙන් පළා ගිය රෝගියා අතර මගදී නිවසකට පැන පාපැදියක් සහ ඇඳුම් සොරා ගෙන

IDH රෝහලෙන් පළා ගිය රෝගියා අතර මගදී නිවසකට පැන පාපැදියක් සහ ඇඳුම් සොරා ගෙන

IDH රෝහලෙන් ඊයේ දිනයේදී පැන ගිය කොරෝනා ආසාදිත පුද්ගලයා සිය ගමන් මාර්ගය සම්බන්ධයෙන් ලබාදී ඇති තොරතුරු අසත්‍ය බවට හෙළිවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ප්‍රකාශ කර සිටිනවා.

 

මෙම රෝගියා IDH රෝහලෙන් පළා යමින් සිටියදී රෝහලේ දී තමන් ඇද සිටි ඇඳුම් ගලවා අතර මග පිහිටි නිවසකට ඇතුල්වී එහි තිබු ඇඳුම් ඇද එහි තිබු පාපැදියක් සොරා ගෙන කොළඹ, කොටුව දෙසට පළා ගොස් ඇති බවට මේ දක්වා සිදුකළ පරීක්ෂණ වලින් කරුණු අනාවරණය වී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා හෙළි කර සිටියා.

 

මෙම කොරෝනා රෝගියා ගමන් කළ බවට පළමුව හෙළිකළ තොරතුරු අසත්‍ය බවට හෙළිවීමත් සමග ඔහු IDH රෝහලේ සිට කොළඹ කොටුව ප්‍රදේශයට ගමන් කළ ආකාරය ගැන සොයා බැලීමට ආරක්ෂක අංශ විසින් මේ වන විට CCTV කැමරා සහ වෙනත් සාක්ෂිකරුවන් යොදා ගනිමින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

 

මෙම පුද්ගලයා ඇදුම් සහ පාපැදිය සොරා ගත් නිවස සෞඛ්‍ය අංශවල උපදෙස් මත විෂබිජ හරණයට ලක් කොට ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

 

මෙම රෝගියා වගකීම් විරහිතව ක්‍රියා කිරිම හේතුවෙන් ඔහුට එරෙහිව නිරෝධායන පනත සහ දණ්ඩ නීති සංග්‍රහය අනුව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා.

 

views

2363 Views

Comments

arrow-up