රට තුළ කහ හිඟයක් පැවතිය ද කහ ආනයනයට කිසිදු තීරණයක් නැහැ… – අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශය
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
25

රට තුළ කහ හිඟයක් පැවතිය ද කහ ආනයනයට කිසිදු තීරණයක් නැහැ… – අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශය

රට තුළ කහ හිඟයක් පැවතිය ද කහ ආනයනයට කිසිදු තීරණයක් නැහැ… – අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශය

රට තුළ කහ හිඟයක් පැවතිය ද කහ ආනයනය කිරීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

 

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ගුණාත්මක තත්ත්වයෙන් අඩු, කහ ආනයනය කර දේශීය වෙළෙඳපොළේ අලෙවි කිරීම නැවැත්වීමේ අරමුණින් එම පියවර ගන්නා බවය.

 

මියන්මාරය සහ ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන කහ සහ දේශීයව නිෂ්පාදනය වන කහවල පවතින ගුණාත්මක තත්ත්වය අතර විශාල පරතරයක් පවතින බව ද එම නිලධාරියා පෙන්වා දෙයි.

 

එම තත්ත්වය සහ දේශීය කහ වගාකරුවන්ට වෙළෙඳපොළ අවස්ථා උදාකර දීම වෙනුවෙන්, කිසිදු අවස්ථාවක කහ ආනයනයට යළි අවස්ථාව ලබා නොදෙන බව ඔහු සඳහන් කළේ ය.

 

වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ, අවසරයකින් තොරව මෙරටට ආනයනය කර දැනට රේගුව භාරයේ ඇති කහ අඩංගු කන්ටේනර් නිදහස් නොකිරීමට තීරණය කර ඇති බවයි.

 

රට තුළ කහ හිඟයක් ඇතැයි පවසමින්, එම කහ තොගය මෙරට වෙළෙඳපොළට මුදා හැරීමෙන් යළිත් ගුණාත්මක බවින් තොර කහ ආනයනයට වෙළෙඳුන් යොමුවන බව ද එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළේ ය.

 

වෙළෙඳපොළේ කහ හිඟයක් ඇතිවූයේ පසුගියදා විශේෂ ගැසට් නිවේදනයක් මගින් කහ ආනයනය සම්පූර්ණයෙන් නතර කිරීමට රජය ගත් තීරණය අනුවයි.

 

කහ, දේශීයව නිෂ්පාදනය කර පරිභෝජනයට දිරි ගැන්වීමේ අරමුණින් රජය එම තීරණය ගත්තේ ය.

 

කහ දේශීයව නිෂ්පාදනය කිරීමේ වගකීම පැවරි ඇත්තේ , අපනයන කෘෂීකර්ම දෙපාර්තමේන්තුවටයි.

 

එම දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව මෙරට වාර්ෂික කහ අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 8000 කි.

 

එම අවශ්‍යතාව සපුරාලීමට 2023 වසරේදී හැකියාව ලැබෙන බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ. පි. හීන්කෙන්ද මහතා පැවසීය.

 

 

views

621 Views

Comments

arrow-up