තිලංග ක්‍රිකට්වලින් එළවපු මම මහින්දානන්දවත් හිරේ දාලයි පස්ස බලන්නෙ - හරීන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
17

තිලංග ක්‍රිකට්වලින් එළවපු මම මහින්දානන්දවත් හිරේ දාලයි පස්ස බලන්නෙ - හරීන්

තිලංග ක්‍රිකට්වලින් එළවපු මම මහින්දානන්දවත් හිරේ දාලයි පස්ස බලන්නෙ - හරීන්

ක්‍රිකට් ක්‍රීඩාව මුදලට විකිණීමට, පාවා දීමට නොහැකි වන සේ පනතක් සම්මත කර ඒ හරහා මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ විශාලම විෂබීජය වූ තිලංග සුමතිපාල ක්‍රිකට් ක්‍රීඩාවෙන් පළවා හැරීමට සමත් වූ බවත් හිටපු ක්‍රීඩා අමාත්‍ය, සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

 

තමා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස සම්මත කරගත් පනත හරහා පාවාදීම් ඇතුළු ක්‍රීඩාවේ දූෂණවලට දඬුවම් කිරීමට පමණක් නොව ක්‍රීඩකයන් අසත්‍ය චෝදනාවලින් ආරක්ෂා කර ගැනීමටද හැකි ශක්තිමත් පනතක් බව පෙන්වා දෙන හරීන් ප්‍රනාන්දු මහතා පවසන්නේ, ක්‍රිකට් ක්‍රීඩකයන්ට අභූත චෝදනා එල්ල කළ මහින්දානන්ද අළුත්ගමගේ මහතාට දඬුවම් ලබා දී මිස තමා පස්ස නොබලන බවයි.

 

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (16) කොළඹදී පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.

 

හරීන් ප්‍රනාන්දු මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය යහපාලන රජය රටටත් ජනතාවටත් විශාල වැඩ කොටසක් සිදුකළ බවයි. එහෙත් එවක රජයේ ප්‍රධානීන් ලෙස කටයුතු කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇතැම් අදූරදර්ශී ක්‍රියාකලාපයන් නිසා යහපාලන රජයේ යහපත් දේට වඩා අයහපත් දේ කැපී පෙනුණු බවයි. ඔවුන් දෙදෙනාම සමගි ජන බලවේගය සමග සිටගෙන නොමැති බැවින් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන සමගි ජන බලවේගය කෙරෙහි විශ්වාසය තබන මෙන් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.

 

views

736 Views

Comments

arrow-up