වලංගු හැඳුනුම්පතක් නැති අය ඡන්දය දාන්නේ මෙහෙමයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
18

වලංගු හැඳුනුම්පතක් නැති අය ඡන්දය දාන්නේ මෙහෙමයි

වලංගු හැඳුනුම්පතක් නැති අය ඡන්දය දාන්නේ මෙහෙමයි

වලංගු හැඳුනුම්පතක් නොමැති ඡන්ද හිමියන්ට අදාළ කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී හෝ වතු අධිකාරී මඟින් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන තාවකාලික හැඳුනුම්පතක් ලබාදීමට කටයුතු කරන ලෙස තේරීම් භාර නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.

 

මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා තම අනන්‍යතාව තහවුරු කිරීමේ දී වලංගු හැඳුනුම්පතක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බව මැතිවරණ කොමිසම පැවසීය.

 

එම හැඳුනුම්පත සඳහා වන අයදුම්පත්‍ර, ග්‍රාම නිලධාරීවරයා මඟින් ලබාගෙන එය සම්පූර්ණ කර ඡන්ද දායකයාගේ ඡායාරූප පිටපත් දෙකක් ද සමග ඡන්ද විමසීමට දින 7කට පෙර භාර දිය යුතු බව සඳහන් වේ.

 

ඒ අනුව ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, පුද්ගලයින් ලියපදිංචි දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන පූජ්‍ය හැඳුනුම්පත සහ 2020 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ජාතික හැඳුනුම්පතේ තහවුරු කිරීමේ ලිපිය අතුරින් එකක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.

 

views

703 Views

Comments

arrow-up