සියලු දුම්රිය මාර්ගවල ගමන් වාර සංඛ්‍යාව හෙට සිට ඉහළට

සියලුම මාර්ග වල ධාවනය වන දුම්රිය මන් වාර සංඛ්‍යාව හෙට දිනයේ සිට වැඩි කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. හෙට දිනයේ සිට ආරම්භ වන සතියේදි හත සඳහන් ගමන්වාර ක්‍රියාත්මක වනු ඇති. ප්‍රධාන මාර්ගයේ ගමන් වාර 64ක්, මුහුදුබඩ මාර්ගයේ ගමන් වාර 74ක්, කැළණිවැලි මාර්ගයේ ගමන් වාර 12ක්, උතුරු දුම්රිය මාර්ගයේ ගමන් වාර 6ක්, පුත්තලම මාර්ගයේ ගමන් වාර 26ක් ලෙසයි දැනට ක්‍රියාත්මක කර ඇත්තේ. එහෙත් තව දුරටත් දුරගමන් සේවා ක්‍රියාත්මක නොවන බවයි වාර්තා වන්නේ.
479 Views
Comments