බන්ධනාගාර රැඳවියන් හමුවීමට ලබන 15 සිට අමුත්තන්ට යළිත් අවස්ථාව..
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
11

බන්ධනාගාර රැඳවියන් හමුවීමට ලබන 15 සිට අමුත්තන්ට යළිත් අවස්ථාව..

බන්ධනාගාර රැඳවියන් හමුවීමට ලබන 15 සිට අමුත්තන්ට යළිත් අවස්ථාව..

බන්ධනාගාරගත රැඳවියන් හමුවීම සඳහා ලබන 15 වැනි දා සිට යළි අමුත්තන්ට අවස්ථාව ලබා දෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

 

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ, සතියකට එක් අමුත්තෙකුට පමණක් ඒ සඳහා අවස්ථාව හිමිවන බවය.

 

රැඳවියා හමුවිය හැක්කේ, රැඳවියා විසින් නම් කරනු ලබන ළඟම ඥාතියෙකුට පමණක් බව ද ඔහු පැවසුවේ ය.

 

ඔවුන් හමුවීමට පැමිණිමේදී ආහාර රැගෙන ඒමට අවස්ථාවක් නොලැබෙන අතර සනීපාරක්ෂක ද්‍රව්‍ය පමණක් ලබාදීමට අවස්ථාව සලසා තිබේ.

 

බන්ධානාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, සියලු බන්ධනාගාර ආශ්‍රිතව එම කටයුතු ක්‍රියාවට නංවන බවයි.

 

සියලු බන්ධානාගරවල රැඳවියන් බැලීමට අමුත්තන් පැමිණීම පසුගිය මස 11 වැනි දා සිට තාවකාලිකව අත්හිටුවනු ලැබුවේ ය.

 

ඒ, වැලිකඩ බන්ධනාගාරයෙන් කොරෝනා ආසාදිතයෙකු හමුවීමත් සමග උද්ගත වූ තත්ත්වය සැලකිල්ලට ගනිමිනි.

 

views

613 Views

Comments

arrow-up