වැලිකඩට කුඩු ගෙනගිය බළලෙකු අල්ලයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
01

වැලිකඩට කුඩු ගෙනගිය බළලෙකු අල්ලයි

වැලිකඩට කුඩු ගෙනගිය බළලෙකු අල්ලයි

කුඩු ජාවාරම සඳහා යොදා ගත් බලළෙකු කොළඹ මැගසින් බන්ධනාගාර පරිශ්‍රයේදී බන්ධනාගාර නිලධාරීන් භාරයට ගෙන තිබේ.

 

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ,  හෙරොයින් අඩංගු ඇසුරුමක් ගෙලෙහි ගැට ගසා මෙම බළලා බන්ධනාගාරයට තුළට යවා ඇති බවයි.

 

එම ඇසුරුමේ තිබී හෙරොයින් ග්‍රෑම් 1.7ක්, සිම් කාඩ්පත් 2ක්  සහ Memory chip එක්ක ද සොයා ගෙන තිබේ.

 

මේ අතර පසුගිය දා හොරොයින් ජාවාරම් සඳහා යොදා ගත්බවට සැක කෙරෙන උකුස්සෙකු ද පොලිස් භාරයට ගැනිණ.

 

අංගොඩ ලොක්කා හොරොයින් ජාවාරම් සඳහා යොදා ගෙන ඇති බවට සැක කෙරුණු එම උකුස්සා සොයා ගැනුණේ, මීගොඩ ප්‍රදේශයේ කළ වැටලීමකදී ය.

 

views

861 Views

Comments

arrow-up