පාසැල් ඇරඹීම සතියකින් කල් යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
18

පාසැල් ඇරඹීම සතියකින් කල් යයි

පාසැල් ඇරඹීම සතියකින් කල් යයි

නැවත පාසැල් ආරම්භ කිරීම සතියකින් කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව යලි පාසැල් ඇරඹීම සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ ජූලි  මස 27 වැනිදා බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කර සිටින්නේ.

 


 
නමුත් එම සතිය තුළ පාසැලට පැමිණිය යුත්තේ  11, 12 සහ 13 වැනි ශ්‍රේණිවල සිසු සිසුවියන් පමණයි. මැතිවරණයෙන් පසුව එළඹෙන පළමු සඳුදා දින එනම් අගෝස්තු මස 10 වැනිදා පාසැල්හි අනිකුත් ශ්‍රේණින් විවෘත කිරීම සඳහා සුදුසු අවස්ථාව බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශ කර ඇත්තේ.

 


එහෙත්,  රාජාංගණය සහ වැලිකන්ද අධ්‍යාපන කොට්ඨාශ තුළ පිහිටි කිසිඳු පාසැලක් අගෝස්තු මස 10 වැනි දිනට ප්‍රථම ආරම්භ නොකරන ලෙසද අදාළ පළාත් බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

 


 එමෙන්ම, බහුතර සිසුන් සහ ගුරුවරුන් සිදු කරනු ලැබූ ඉල්ලීම් සලකා බැලූ අධ්‍යාපන අමාත්‍යාංශය, උසස්පෙළ විභාගය සහ 5 ශිෂ්‍යත්වය පැවැත්වෙන නව දින වකවානු එළඹෙන සඳුදා දින (ජූලි 20) ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇත.

 

views

920 Views

Comments

arrow-up