මෙරට ඉතිහාසයේ රන් පවුමක වැඩිම මිල අද වාර්තා වේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
09

මෙරට ඉතිහාසයේ රන් පවුමක වැඩිම මිල අද වාර්තා වේ

මෙරට ඉතිහාසයේ රන් පවුමක වැඩිම  මිල අද වාර්තා වේ

මෙරට ඉතිහාසයේ පළමු වරට කැරට් 24 රන් පවුමක මිල අද රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසනවා. එම අධිකාරියේ රන් ප්‍රමාණ නිශ්චය කිරිම හා මුද්‍රා තැබීමේ සහකාර අධ්‍යක්ෂක ඉන්දික බණ්ඩාර සඳහන් කළේ රන් සංචිත අඩු විම හේතුවෙන් මෙලෙස රත්ත්‍රන් මිල ඉහල ගොස් ඇති බවයි.

කැරට් 22 රන් පවුමක වෙළදපල මිල අද දිනයේදී රුපියල් 93,000ක අගයක් ගෙන ඇති බවත් එය ඊයේ දිනයට සාපේක්ෂව රුපියල් 6000කින් පමණ ඉහළ ගොස් ඇති බවද ප්‍රකාශ කර සිටියා.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට රත්ත්‍රන් පැමිණීම අඩාල වී ඇති බවත් යලි ගුවන් සේවා ඇරඹීමෙන් පසු රන් මිලෙහි ස්ථාවරත්වයක් ඇති වනු ඇති බවයි සහකාර අධ්‍යක්ෂක ඉන්දික බණ්ඩාර වැඩිදුරටත් සඳහන් කළේ.

කොරෝනා වසංගතය ආරම්භයේදී කැරට් 22 ක රන් පවුමක මිල මෙරට වෙළදපලේ පැවතියේ රුපියල් 82,000 -84,000 අතර මිලකටය.

පවතින තත්ත්වය මත ඉදිරියේදී රන් පවුමක මිල ඉදිරියේදීත් තවත් ඉහළ යනු ඇති බවයි ජාතික මැණික් හා ස්වරනාභරණ අධිකාරියේ රන් ප්‍රමාණ නිශ්චය කිරිම හා මුද්‍රා තැබීමේ සහකාර අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

views

1046 Views

Comments

arrow-up