අංගොඩ ලොක්කගේ පිස්තෝලෙ ගත්ත ලාංකිකයා පස්සෙන් තමිල්නාඩු පොලිසිය පන්නයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
18

අංගොඩ ලොක්කගේ පිස්තෝලෙ ගත්ත ලාංකිකයා පස්සෙන් තමිල්නාඩු පොලිසිය පන්නයි

අංගොඩ ලොක්කගේ පිස්තෝලෙ ගත්ත ලාංකිකයා පස්සෙන් තමිල්නාඩු පොලිසිය පන්නයි

ඉන්දියාවේ දී මිය ගිය බව කියන අංගොඩ ලොක්කාගේ පිස්තෝලයක් සන්තකයේ තබාගෙන සිටින ශ්‍රී ලාංකිකයකු අත්අඩංගුවට ගැනීම සඳහා තමිල්නාඩු පොලිසිය විශේෂ විමර්ශන කණ්ඩායමක් යොදවා ඇති බව ‘ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’ පුවත්පත වාර්තා කරයි.

 

කොයිම්බතූර් හි සැඟවී සිටිය දී අංගොඩ ලොක්කා මෙම පිස්තෝලය භාවිත කළ බව පොලිසිය තහවුරු කර ඇතැයි ‘ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’ ප්‍රකාශ කරයි.

 

පසුගිය ජූලි 3 වැනි දින ඔහුගේ අභාවයෙන් පසු මළ සිරුර ආදාහනය සඳහා රැගෙන ගිය අවස්ථාවේ දී අමානි ධන්ජි සහ මදුරෙයි සිට පැමිණි නීතිවේදියකු වන ශිවකාමි සුන්දාරි යන අය විසින් මෙම ගිනි අවිය ශ්‍රී ලාංකිකයාට භාර දී ඇති බව ‘ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’ වාර්තාවේ සඳහන් වේ. අංගොඩ ලොක්කා දන්ජි සමග චෙරන් මා නගරයේ ග්‍රීන් ගාඩ්න්හි කුලී නිවසක සැඟවී කලක් වාසය කර ඇත.

 

එහි වාසය කළ අංගොඩ ලොක්කා සුන්දරී සහ ධ්‍යානේෂ්වරන් යන දෙදෙනාගේ සහාය ඇතිව තාවකාලික හැඳුනුම්පතක් (ආඩාර් කාඩ්පතක්) ද ලබාගෙන තිබේ.

 

ලොක්කාට උදව් කළ මෙම තිදෙනාම පසුගිය සෙනසුරාදා (16 වැනිදා) අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු අතර දින 10ක රඳවා ගැනීමක් පොලිසිය එහි දී ඉල්ලා සිටියේය.

 

1959 අවි පනත සහ 1946 විදේශිකයන්ගේ පනත යටතේ ද ඔවුන්ට චෝදනා ගොනු කර තිබේ. මේ අතර කොන්දේසි සහිත ඇප ඉල්ලා සුන්දරී නමැත්තිය අධිකරණය වෙත පෙත්සමක් ගොනු කර ඇත. එය හෙට (බදාදා) විභාගයට ගනු ලබන බවද ‘ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’ වැඩිදුරටත් වාර්තා කරයි.

 

views

725 Views

Comments

arrow-up