ගුවන්තොටුපලට ප්ලේන් එනවා ගස් තියෙන එක බාධාවක් කියලා, අක්කර දෙසිය කපන්න තීරණය කරනවා
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
18

ගුවන්තොටුපලට ප්ලේන් එනවා ගස් තියෙන එක බාධාවක් කියලා, අක්කර දෙසිය කපන්න තීරණය කරනවා

ගුවන්තොටුපලට ප්ලේන් එනවා ගස් තියෙන එක බාධාවක් කියලා, අක්කර දෙසිය කපන්න තීරණය කරනවා

පරිසරයට හානි වන ප්‍රතිපත්තිමය තීන්දු කිහිපයක් රජය ක්‍රියාත්මක කරමින් ඇතැයි, පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියෝ පවසති.

 

අපේ ජනබල පක්ෂයේ අපේක්ෂක‍ පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමි පවසන්නේ, මෝඩ දේශපාලඥයන්ගේ අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති නිසා රටේ වනාන්තර පද්ධති ටික විනාශ කරමින් පවතින බවයි.

 

”අපි වේගයෙන් මේ රටේ වනාන්තර පද්ධති ටික විනාශ කරමින් යනවා. එකක් තමයි මෝඩ දේශපාලඥයන්ගේ අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති. පෙරේදා වගේ දවසක කැබිනට් පේපර් එකක් දානවා දැක්කා.

 

අක්කර දෙසීයක් හම්බන්තොට වනාන්තරයක් කපලා ඉවත් කරන්න.කැලේ කපලා ඉවත් කරන්න. කැබිනට් පේපරයක් දානවා. ඇහුවාම කියනවා ප්ලේන් එනවා ගුවන්තොටුපලට. ගස් තියෙන එක බාධාවක් කියලා. ඒක තමයි උත්තරේ අක්කර දෙසිය කපන්න තීරණය කරනවා කැබිනට් පේපරයක් දාලා ඒ කැබිනට් පේපරයෙම තව තියෙනවා පොඩි කොටසක් ඉතිරිවෙලා ගෝල්ෆේස් එකේ. ඔන්න ඒ කොටසත් විකුණලා දාන්න ලෑස්ති වෙලා තියෙනවා. කොම්පඤ්ඤ ගියෙත් ඉඩම් වගේ අද එනවා රජයේ ඒකත් විකුණලා දාන්න ලෑස්ති කරලා තියෙනවා. දැන් එන්න එන්න බහුජාතික සමාගම්වලට මේ ඉඩම් දෙනවා.

 

පහුගිය දවස්වල හෙක්ටයාර ලක්ෂ පහක් 15 ඇල ඉරක් 2014 චක්‍ර ලේඛනය හරහා මේ රටේ ඉඩම් බහුජාතික සමාගම් වලට දෙන්න ගියාම අපි කළ සටනේ ප්‍රතිඵල වශයෙන් තමයි.අපිට එක නතරකරගන්න පුළුවන් වුනේ” ලෙස අදහස් දක්වමින් පුජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියෝ පැවසීය.

 

views

808 Views

Comments

arrow-up