පාතාල නායකයන්ගේ විස්තර ඇතුලත් නඩුපොත් පනහක් අතුරුදහන්

ග‍්‍රෑන්ඞ්පාස් පොලිස් ස්ථානය භාරයේ තිබූ සංවිධානාත්මක අපරාධකරුවන් පිළිබද සටහන් ඇතුළත් නඩු පොත් 50ක් අතුරුදන්ව තිබෙනවා.
තවත් නඩු පොත් 20ක පමණ පිටු ගලවා ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. මෙම නඩු පොත් අස්ථානගත වීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විමර්ශනයක් ද ආරම්භ කර ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සදහන් කළා.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘‘ආමි සම්පත්’’ නොහොත් සම්පත් චාමර නමැත්තා ඇතුලූ විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින්ගේ තොරතුරු ඇතුළත් නඩු පොත් මෙලෙස අතුරුදන්ව තිබෙනවා. ආමි සම්පත් නමැත්තාට එරෙහිව පවතින නඩු වලට අදාළ බී වාර්තා ලේඛනද මෙලෙස අතුරුදන් වී ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
මෙම සැකකරුට එරෙහිව අධිකරණයේ විභාග වන නඩුවලට අදාළ ලිපි ගොනු ද අස්ථාන ගත වී ඇති අතර එම නඩු දීර්ඝ කාලයක් අධිකරණය හමුයේ කැදවා නොමැති බවද හෙළිව තිබෙනවා.
2001 වසරේ සිට ග‍්‍රෑන්ඞ්පාස් පොලිස් ස්ථානය භාරයේ තිබූ අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ සිදුකළ විමර්ශන හා සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම්වලට අදාළ සටහන් සහ තොරතුරු ඇතුළත් නඩු පොත් මෙලෙස අතුරුදන්ව ඇති බවයි පැවසෙන්නේ.
784 Views
Comments