මාරවිල ප්‍රදේශයේ නිවාස 10ක පිරිසක් ස්වයං නිරෝධායනයට

හලාවත, මාරවිල ප්‍රදේශයේ නිවාස 10ක පුද්ගලයින් 40කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.
කොවිඩ් නයින්ටීන් ආසාදිත බවට හඳුනාගත් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශිකාව අසුරු කළ පිරිසක් මෙලෙස ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බව වාර්තා වේ.
එම කාන්තාවගේ පවුලේ සමාජිකයින්ද මේ වන විට ස්වයං නිරෝධායනයට ලක්කර ඇති අතර ඔවුන් සියලු දෙනා පි.සි.ආර් පරික්ෂණ සඳහා යොමුකිරීමට නියමිතව තිබේ.
කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සේවය කරන නිවාඩු ගොස් සිටි උපදේශක උපදේශිකාවන් 08 දෙනෙකු නැවත ගෙන්වා ගැනීමට පියවර ගත් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.
කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්තාපන මධ්‍යස්ථානය මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් සඳහා වෙන්කොට ඇති මධ්‍යස්ථානයක් වන අතර එම මධ්‍යස්ථානයට පුද්ගලයන් ඇතුළත් කරන්නේ පි.සි.ආර් පරික්ෂණවලින් අනතුරුවය.
එහෙත් එහි සමාජිකයන් ආසාදනයට ලක්වුයේ කෙසේද යන්න පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.
නිරෝධායන නිතිරීති ලිහිල් කිරීමත් සමග සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශ පිළිබඳ මහජනතාවගේ සැලකිලිමත්භාවය ගිළිහෙමින් පවතින බවට නිරික්ෂණය වන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.
795 Views
Comments