පුරාවස්තු හා ඓතිහාසික ස්ථානවලට අත තියන්න ඉඩ දෙන්නේ නැහැ - ජනපති

පුරාවස්තුවලට හා ඓතිහාසික ස්ථානවලට හානි කිරීමට කිසිවකුටත් ඉඩ නොතබන බවත්, එවැනි සියලු ස්ථාන ජාතික උරුමයන් සේ සලකා ආරක්ෂා කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
බෞද්ධ උපදේශක සභාවේ ඊයේ පැවති සිව්වන සභාවාරයේදී ඒ මහතා අවධාරණය කළේ, පුරාවස්තු රැකගනිමින් ජාතික උරුමය තහවුරු කිරීමට පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනයට කටයුතු කිරීමට ද කටයුතු කරන බවයි.
පනත සංශෝධනය කළ යුත්තේ කෙසේදැයි අධ්‍යයනයට මහා සංඝරත්නය, අදාළ විෂය පිළිබඳ විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට ද ජනාධිපතිවරයා එහිදී තීරණය කළා.
ර්ඝ කාලයක සිට සිදු වෙමින් පවතින පුරාවස්තු විනාශය නතර කර රටේ උරුමය අනාගත පරපුරට දායාද කිරීමත් ප්‍රායෝගිකව මතුවන ගැටලු නිරාකරණයත් පනත සංශෝධනයෙන් අපේක්ෂා අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.
පුරාවස්තු ආරක්ෂා කිරීම සඳහා මෙහිදී පූජ්‍ය දිවියහග යසස්සි හිමියන් දස වැදෑරුම් යෝජනාවලියක් ඉදිරිපත් කළ අතර පුරාවස්තු සහ ඓතිහාසික ස්ථාන සම්බන්ධයෙන් මහා සංඝරත්නය ඉදිරිපත් කළ යෝජනා ජනාධිපති කාර්ය සාධක බළකායට ඉදිරිපත් කරන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වාර්ෂිකව වෙන් කෙරෙන මූල්‍ය ප්‍රතිපාදන වැඩි කිරීමටත්, සේවක හිඟය පියවීමටත් පියවර ගන්නා බව පැවැසූ ජනාධිපතිවරයා, පුරාවස්තු සහ ඓතිහාසික ස්ථාන රැක දෙන ලෙස මහා සංඝරත්නය කළ ඉල්ලීම්වලට ක්ෂණික ප්‍රතිචාර දක්වන්න ලෙසත් අදාළ බලධාරීන්ට උපදෙස් දුන්නා.
670 Views
Comments