කෝමාරිකා වලින් උපරිම ප්‍රයෝජන ගන්නෙ මෙහෙමයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
15

කෝමාරිකා වලින් උපරිම ප්‍රයෝජන ගන්නෙ මෙහෙමයි

කෝමාරිකා වලින් උපරිම ප්‍රයෝජන ගන්නෙ මෙහෙමයි

ඔබත් පරිසරයට මෙන්ම පැළ වලට ආදරය කරන අයෙකු නම් අද අපි මේ කියන්නට යන ආශ්චර්යමත් ශාකය අනිවාර්යයෙන්ම ඔබගේ ගෙවත්තෙහි පැළ කර ගත යුතුයි. කෝමාරිකා පැළ මිලෙන් අඩු වුවද එයින් ඇති ප්‍රයෝජනය හා එහි වටිනාකම කියා නිම කළ නොහැකියි. ගෘහ අලංකාරණයට මෙන්ම ඔබගේ විවිධ සෞඛ්‍යය ගැටළු වලටද මෙම ශාකය ඉතාමත් වැදගත් වනවා.

කෝමාරිකා ආශ්චර්යමත් ශාකයක් ලෙසින් හදුන්වන්නට හේතු කාරණා රාශියක් තිබෙනවා. මෙය අප අවට වායුව පිරිසිදු කරන ශාකයක් ලෙසම වායුවෙහි ඇති අහිතකර සංඝටක පෙරහන් කිරීම මෙම ශාකය හරහා සිදු කරනවා.

ඒ විතරක්ම නෙමෙයි විවිධ වූ ඖෂධ වර්ග මෙන්ම රූපලාවණ්‍ය ආලේපන හා වෙනත් නිශ්පාදන වලටත් කෝමාරිකා බහුලව යොදා ගනු ලබනවා. එනිසා අනිවාර්යයෙන්ම ඔබත් ඔබේ නිවසේ හෝ ගෙවත්තෙහි කෝමාරිකා ශාකයක් සිටුවා ගන්නා ගමන්ම බලන්න මෙන්න මේ දේවල් වලටත් කෝමාරිකා යොදා ගන්නවා.

 

  •  හිස් හොරි සඳහා

 


එක එක වර්ගයේ ෂැම්පු වර්ග බෙහෙත් වර්ග හිස් හොරි වලට වෙළෙඳපොළේ තිබෙනවා. ඒත් හිස් හොරි වලට හරියන ස්වාභාවික පිළියමක් කෝමාරිකා වලින් සාදාගන්න පුළුවන්.

කෝමාරිකා කැබැල්ලක මදය සූරා ගන්න. මෙම මදය භාජනයකට දමා ඔබ භාවිතා කරන කන්ඩිෂනර් මේස හැඳි 02 කට ඔලිව් ඔයිල් මේස හැන්දක් හා පිරිසිදු පොල් තෙල් මේස හැන්දක් කලවම් කර හොඳ මෘදු පේස්ට් එකක් සකස් කරගන්න.

ඔබගේ හිස් කබලේ මෙය ආලේප කර හොඳින් සම්බාහනය කරන්න. මද වේලාවක් තබා ඔබගේ හිසකෙස් හොඳින් සෝදා හරින්න. හිස් හොරි නැත්තටම නැති වී යාවි.

 

  •  හිරු එළියට පිළිස්සුණු සම සඳහා

 


කෝමාරිකා වල ස්වාභාවික මොයිස්චරයිසර් හා සිසිල් ගුණය අන්තර්ගත වන බැවින් ඔබගේ සමෙහි කෝමාරිකා මද ස්වල්පයක් ආලේප කිරීමෙන් හිරු එළියට පිළිස්සුණු සම නැවතත් යථා තත්වයට පත් කර ගත හැකි වනවා.
 

  •  කුරුලෑ සඳහා


කෝමාරිකා වල විවිධ වූ ඛනිජ ලවණ වර්ග මෙන්ම එය ඉතා හොඳ විශබීජ නාශකයක් ලෙසද කටයුතු කරනවා. එයට ප්‍රතිඵලයක් ලෙස බොහෝ රූපලාවණ්‍ය ආලේපන සඳහා කෝමාරිකා යෝදා ගැනෙනවා. නිවසේදීම කෝමාරිකා යොදා ෆේස් වොෂ් එකක් හදාගන්නෙ මෙහෙමයි.

සූරාගත් කෝමාරිකා මද මේස හැඳි 02 ක් එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. මුහුණේ මෙම මිශ්‍රණය ආලේප කර විනාඩි කිහිපයක් හොඳින් සම්බාහනය කරන්න. මද රස්නය ඇති වතුරෙන් මුහුණ සෝදා හරින්න.

 

  •  කැපුම් තුවාල සඳහා

 


කැපුම් තුවාල වලටත් කෝමාරිකා ආලේප කිරීමෙන් එම තුවාලය ඉක්මනින්ම සුව වනවා වගේම තුවාල කැළැල්ද නැති වනවා.

කෝමාරිකා මද ස්වල්පයක් බ්ලෙන්ඩරයට දමා හොඳින් දියාරු මිශ්‍රණයක් සේ සකස් කර තුවාලයෙහි ආලේප කරන්න.

 

  •  මේකප් යැවීම සඳහා


ඔබ සංවේදී සමක් සහිත වූ කෙනෙකු නම් මේකප් යැවීම සඳහා හොඳ ආලේපනයක් සොයා ගැනීම නම් ඉතාමත්ම අපහසු කරුණක්.

කොට්න් පෑඩ් එකකට හෝ පිරිසිදු රළු නොවන රෙදි කැබැල්ලකට කෝමාරිකා මද ස්වල්පයක් දමා ඔබේ සම සෙමෙන් පිසදාන්න. මේකප් සියල්ලම යැවීම ඉතා පහසුවෙන් හා සමට හානියක් නොවන පරිදි කළ හැකියි.

 

  •  ෆේස් ස්ක්‍රබ් එකක් සඳහා

 


කෝමාරිකා මද ස්වල්පයක් හා බේකින් සෝඩා ස්වල්පයක් සමඟ මිශ්‍ර කිරීමෙන් ඔබට ඔබගේ මැරුණු සම ඉවත් කිරීමට හැකි හොඳ ස්ක්‍රබ් එකක් නිවසේදීම සකස් කර ගත හැකියි.
 

  •  මුඛ සේදුම් දියරයක් ( Mouthwash )


කෝමාරිකා මුඛ සේදුම් දියරයක් ලෙස ? ඔව්, ඔයාලා කියෙව්වා හරි කෝමාරිකා මුඛ සේදුමක් ලෙසත් භාවිතයට ගත හැකි බව 2014 දී ඉතියෝපියානු සෞඛ්‍ය පිළිබඳව සඟරාවක පළවී තිබුණා.

විටමින් C බහුල වන කෝමාරිකා ශාකයේ මදය බ්ලෙන්ඩරයකින් දියාරු කරගෙන මුඛය සේදීම තුළින් හොඳ ශක්තිමත් දත් පෙළක් මෙන්ම දුර්ගන්ධයෙන් තොර වීදුරු මස් රෝග වලටද සහනයක් දීමෙහි සුවිශේෂී හැකියාව කෝමාරිකා සතුව ඇත.

මේ වන විටත් ඔබ ඔබේ නිවසේත් කෝමාරිකා වගා කර හැකි නම් අදම පැළයක් හෝ දෙකක් සිටුවා ගන්නට කියලා මතක් කරනවා.

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

1126 Views

Comments

arrow-up