සිරුරේ හැඩයට ගැලපෙන විලාසිතා
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
20

සිරුරේ හැඩයට ගැලපෙන විලාසිතා

සිරුරේ හැඩයට ගැලපෙන විලාසිතා

සෑම පුද්ගලයෙකුගේම සිරුරේ හැඩය සමාන නොවන අතර විලාසිතා තෝරා ගැනීමේදී සිරුරේ හැඩය පිළිබඳ වඩා සැලකිල්ලක් දැක්විය යුතු වෙනවා. කාන්තාවන් අතර පොදුවේ දැකිය හැකි සිරුරේ හැඩයන් සහ ඊට ගැළපෙන විලාසිතාවන් පිළිබඳ සටහනක් මෙහි දැක්වෙනවා.

 

 


1. වැලි ඔරලෝසුවේ හැඩ

 

වැලි ඔරලෝසුව හෙවත් ඉංග්‍රීසි X අකුරේ හැඩය ඇති සිරුරු ලෙස හැඳින්වේ. මෙම හැඩයේ සිරුර හිමි කාන්තාවන්ගේ උරහිස හා උකුල පුළුල් වන අතර ඉන සිහින්ය. ඉඟ සුඟ ගත හැකි මිටින කියන්නේ මෙවැනි හැඩැති සිරුරකටය. Hourglass හැඩයේ සිරුරක් හිමි කාන්තාවන්ට ඕනෑම ඇඳුමක් සුන්දරව දිස්වුවද ඔවුන්ගේ හැඩය වඩාත් ඉස්මතු වන්නේ ඇඳුම් ඇඳීමේදී ජැකට් එකක්ම අඳිනවා නම් එය සුන්දර පෙනීමට බදපටියක් සහිත ජැකට් එකක් ඇඳිය යුතුවේ. කමිස හෝ උඩුකයට අදින බලවිස් වැනි ඇඳුම් ඉන දක්වා සිරුරුවලට හැඩය. ගවුම් අඳිනවා නම් අත් සහිත ගවුම් නම් එහි කර කෙටි විම හා රැපවුන්ඩ් සාය මෙවැනි සිරුරතට ගැළපේ. ඉන අසලින් නද වන්නට බඳ පටි පළඳින ගවුම් ද සුදුසුයි. කලිසම් අඳිනවා නම් කකුල් ලොකු කලිසම බඳ පටියත් සමග ඇදීම මෙවැනි සිරුරුවලට සුන්දරත්වය ඉස්මතුව පෙනෙන්නට හේතු වේ. පෙන්සිල් කට හෙවත් ඉන්නේ සිට පා දක්වා ක්‍රමයෙන් සිහින් වන සායවල් Hourglass සිරුරට ගැළපෙන විලාසිතාව වේ.
 


2. ඇපල් හැඩයේ සිරු

 

උරහිස් පළල් හා උකුලට වඩා පපුව ප්‍රදේශය විශාල වූ සිරුරු ඇපල් වේ. ඇපල් හැඩයේ සිරුරු ඇති කාන්තාවන් විලාසිතා කිරීමේදී ඔවුන්ගේ දෙපා හා උරහිස මනාව පෙනෙන්ස් ලෙස ඇඳුම් ඇඳිය යුතුය. බඳ කොටස කැපී පෙනෙන්නට සැලැස්වීමෙන් මෙවැනි සිරුරුවල අසුන්දර බවක් ඇති වේ. උඩු කබායක් භාවිත කරන්නේ නම් මෙවැනි සිරුරු සහිත කාන්තාවන් දිගු උඩු කබායක් ඇඳිය යුතුවේ. බෝරිච්චි දැමූ දිගු අත සහ කර පියවෙන්නට මැසු බ්ලව්ස් හැඩයේ සිරුරු ඇති වැනී සිරුරුවලට ගැළපේ. ඇපල් කාන්තාවගේ උදරය පෙදෙස මහත් බැවින් ඉනට තදවන ප්ලීට් හැඩයේ කෙටි සායවල් ගැළපේ. මෙවැනි හැඩයේ සිරුරු ඇති කාන්තාවන්ගේ පාද ඉතා ක්‍රමානුකූලව පිහිටා ඇති බැවින් ඇඳුම් ඇඳීමේදී කෙටි ගවුම් හා සායවල් ඇඳීම සුන්දරත්වය ඉස්මතුවන්නට හේතු වේ.
 


3. කෙසෙල් හැඩයේ සිරුර

 

 

 

සාජුකෝණාස්‍රාකාර හැඩයේ සිරුරු ඇත්තියන් කෙසෙල් හැඩයේ සිරුරකට හිමිකම් කියයි. ඔවුන්ගේ සම්පුර්ණ සිරුරම එක සමාන වන අතර ඉන උකුල හා උරහිස් අතර වෙනස් අවමය. මෙවැනි සිරුරු ඇති කාන්තාවන් තමන්ගේ අත ප්‍රදේශය සිහින්ව පෙන්වන ඇඳුම් ඇඳිය යුතුවේ. බ්ලවුස් හෝ කමිස අඳින විට උරහිසට රැළි පටියත් යෙදු කමිස ඇඳීමත් උඩුකය මහත් කර පෙන්විය හැකිය. එවිට ඉන ප්‍රදේශය සිහින්ව දිස්වේ. එසේම ජැකට් හෝ කමීස අදින විට ඉනට පටියත් යොදා රැලි කරන ලද ඒවා ඇඳීමෙන් සිරුරේ සුන්දරත්වය මතුකර ගත හැකිය. ගවුම් අඳින විට ඉන් එක් පැත්තකින් විවරයක් තැබූ ඒවා ඇඳීම හොඳින් ගැළපේ. දිගු කලිසමට වඩා ත්‍රීක්වාටර් කලිසම් ගැළපෙන අතර ඉනේ සිට ක්‍රමයෙන් සිහින් වන පාද සහිත කලිසම් ඇඳීම හොඳය. කෙසෙල් හැඩයේ සිරුරක් ඇති කාන්තාවන් කොට සායවල් ඇඳීම මගින් වඩාත් සුන්දරව දිවේ.
 


4. පෙයාස් හැඩයේ සිරුර
 


පෙයාස් හැඩයේ සිරුර හිමි කාන්තාව සැබැවින්ම වාසනාවන්තය. මෙවැනි හැඩයේ සිරුරක් හැඩකාර සිරුරක් ලෙස හැඳින්වේ. පෙයාස් හැඩයේ සිරුරක් ඇති කාන්තාවන් තම උඩුකය ඇඳුම් විලාසිතා මගින් තම සිරුර වඩත් දිගු සිරුරක් සේ පෙනෙන ආකාරයට ඇඳුම් ඇඳීම හොදය. ඉන සිහින් හා උකුල පුළුල් බැවින් ගවුම් ඇඳීමේදී ප්ලෙයාඩ් සාය දැමූ කොට ගවුම මෙවැනි කාන්තාවන්ට සුන්දරය. ඉනට පටි දැමූ ඒලයින් සාය සහ එම්බ්‍රොයිඩර් කරන ලද උඩුකය ඇඳුම් මෙවැනි සිරුරුවල හැඩය උද්දීපනය කරයි. කලිසම හෝ සායවල් සරල වන තරමට මෙම සිරුරුවල හැඩය පෙනේ. ඇගට තද වන ආකාරයේ කලිසම් මෙවැනි සිරුරු වලට හොඳින් ගැළපේ.

 

 

 

 

 

 

 

 

By : Dilki Shamani

Photo Source : Internet

views

2144 Views

Comments

arrow-up