ප්‍රතිශක්තිය වර්ධනයට ස්වාභාවික ක්‍රම
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
09

ප්‍රතිශක්තිය වර්ධනයට ස්වාභාවික ක්‍රම

ප්‍රතිශක්තිය වර්ධනයට ස්වාභාවික ක්‍රම

දවසින් දවස අපට මෙරටින් වගේම වෙනත් රටවල් වලින් මාධ්‍ය තුළ අසන්නට හා දකින්නට ලැබෙන්නේ Covid - 19 ලොව පුරා පැතිර යාම පිළිබඳවයි. මෙම තත්වය ඇති වීමත් සමඟම බොහෝ රටවල් විවිධ වූ ප්‍රතිකාරයන් සොයන්නට පටන් ගත් අතර, බොහෝ ප්‍රබල රටවල් කිහිපයක්ම මේ වන විට විවිධ වූ එන්නත්ද සොයාගෙන තිබෙනවා. එහෙත් තවමත් සැලකිය යුතු මට්ටමේ ප්‍රතිකර්මයක් අප රටට තවමත් ලැබී නැහැ. ඉතින් මේ සඳහා අපට නිසි පිළියමක් ලැබෙන තුරු අපට කළ හැකි එකම දෙය වන්නේ අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ගැනීම හා එය පවත්වාගෙන යාම පමණි. ඉතින් මෙ ආකාරයට ප්‍රතිශක්තිය වැඩි කරගැනීමට හැකි ස්වාභාවික උපක්‍රම කිහිපයක් අපි ඔබට ගෙන එන්නට සිතුවා.

 

> වැඩිපුර ජලය පානය කිරීම ඕනෑම රෝගයකට ජලය පානය කිරීම සුදුසු බව අප විසින් සෞඛ්‍ය කිහිපයකම ඔබව දැනුවත් කර තිබෙනවා. ජලය පානය කිරීම තුළින් ඔබේ ශරීරයේ සියළු පද්ධතීන් නිසියාකාරව ක්‍රියාත්මක කරවීමට උපකාරී වනවා. දිනකට පුද්ගලයෙකු විසින් නියමිත වූ ප්‍රමාණයෙන් ජලය පානය කිරීමෙන් ඔබගේ ප්‍රතිශක්තිකරණය වර්ධනය වෙනවා. දිනකට ජලය වීදුරු 08 ක් ලබා ගත යුතු බව ඔබ අසා ඇත. කෙසේවෙතත් ඔබගේ ශරීර බරට අනුකූලව ජලය පානය කළ යුතු යම් ප්‍රමාණයක් ඇත. එය කොපමණක්ද යන්න සොයා ගැනීම ඉතාමත්ම පහසුයි. ඔබගේ බර කිලෝග්‍රෑම් වලින් මැන එය 25 න් බෙදිය යුතු වෙනවා. උදාහරණයක් ලෙස යම් අයෙකුගේ බර කිලෝ 60 ක් ලෙස ගත්විට එය 25 ක් බෙදූ විට 2.4 ක් පිළිතුර ලෙස ලැබේ. එසේනම් එම පුද්ගලයා දිනකට ලීටර් 2.4 ක් ජලය පානය කළ යුතුය. ජලය පානය කිරීම මෙන්ම ඔබ පිටකරන මුත්‍රා පිළිබඳවද සැලකිලිමත් විය යුතුයි. තද වර්ණයකින් යුක්ත වන්නේ නම් එය ඔබගේ ශරීර සෞඛ්‍යය තත්වය අවදානම් මට්ටමේ බව හඟවයි. ඔබගේ මුත්‍රා වර්ණයෙන් ලා පැහැති නම් ඔබගේ ශරීර සෞඛ්‍ය සාමාන්‍ය බව ඔබට තහවුරු වෙයි.

 

 

> නින්ද හා විවේකය පුදගලයෙකු තමන්ට අවශ්‍ය ප්‍රමාණයට නින්ද හා විවේකය ලබා ගත යුතුයි. මෙයින් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනවා. ඔබ අවශ්‍ය පමණට නින්ද නොගෙන රූපවාහිනිය නැරඹීම , දුරකථනයේ රැදී සිටීම හෝ නිදිවරගෙන වෙන යම් කාර්යයක් සිදු කිරීම ඔබේ ප්‍රතිශක්තියට එතරම්ම හොඳ දෙයක් නොවනු ඇත. අවම වශයෙන් පැය 07 ක නින්දක් ඔබ ලබා ගත යුතු වනවා. ඊට අමතරව භාවනාවේ හෝ යෝගා වල නිරත වීමද ඔබට කායික මෙන්ම මානසික සුවයද වර්ධනය වේ.

 

 

> විටමින් C දොඩම්, පැපොල්, පේර, වැනි විවිධ පළතුරු වර්ගවලත් තද පැහැති වර්ණයේ එළවළුද පරිභෝජනයට ගැනීමෙන්ද ඔබගේ ප්‍රතිශක්තිය වර්ධනයට විටමින් C පෝෂකය ලබා ගත හැකිය. ඊට අමතරව විටමින් C පෙති වශයෙන් ලබා ගැනීමටද හැකියාව ඇති නමුත් අප විසින් අනුමත කරන්නේ ස්වාභාවිකවම ශරීරයට විටමින් C ලබා ගැනීමයි. > සින්ක් ලෝහ ලවණයක් වන සින්ක් මගින් සුවඳ හා රසය ලබා දීම සිදු කරයි. ඕනවාට වඩා මෙය නොගෙන පමණට සින්ක් ශරීරයට ලබා ගැනීමෙන් ප්‍රතිශක්තිය වර්ධනය වේ. බෙල්ලන් වර්ග ආහාරයට ගත හැකි නම් වඩාත් හොඳයි. එහෙත් සොයාගැනීමට අපහසු නම් ඔබට ඔයිස්ටර් සෝස් භාවිතා කළ හැක. අප ඉවත් කරන වට්ටක්කා ඇට වලද සින්ක් අන්තර්ගත වනවා. එ නිසා ඒවා විසිනොකර පරිභෝජනයට ගන්න. කව්පි , කඩල, බිත්තර, වැනි ආහාරයන්ද ඔබෙගේ දෛනික ආහාර වේල් එකකට හෝ එක් කරගැනීමට අමතක නොකරන්න.

 

 

> විටමින් D උදෑසන 08 - 10 ත් අතර පැය 1/2 ක පමණ කාලයක් ඔබට හිරු එළියට නිරාවරණය වීමට හැකි නම් විටමින් D ඔබගේ ශරීරයට අවශෝෂණය කරගත හැකියි. එයට ඔබ දොරක් ජනේලයක් ළඟ සිටියත් ප්‍රමාණවත් වේ. ඊට අමතරව මාළු වර්ග වලින්ද විටමින් D පෝෂකය ලබා ගත හැකියි. ඉතින් ඔබට මේ ආකාරයෙන් ස්වාභාවිකව ඉතා පහසු හා සරල ක්‍රම කිහිපයකින් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ගන්නට පුළුවන්.

 

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

542 Views

Comments

arrow-up