සුභවාදී පුද්ගලයකු වන්න - 02
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
10

සුභවාදී පුද්ගලයකු වන්න - 02

සුභවාදී පුද්ගලයකු වන්න - 02

සුභවාදීන් යනු සුළඟේ දිශාව වෙනස් කළ නොහැකි නම්, ඔවුන් ඔවුන්ගේ ගමනාන්තය කරා ළඟා වීමට රුවල වෙනස් කළ හැකි යැයි විශ්වාස කරන අයයි. සෘණාත්මක පුද්ගලයින්ට වඩා සුභවාදී වන ධනාත්මක පුද්ගලයන් අනෙක් අයට වඩා සාර්ථක වන්නේ අන්න ඒ කාරණාව නිසාමය. ඔවුන් කිසිසේත්ම පසුබසින්නේ නැත. මෙවැනි වූ සුභවාදී ධනාත්මක පුද්ගලයින්ගේ තවත් ගුණාංග කිහිපයක් පිළිබඳව අප තවදුරටත් විමසමු.

 

3. ඔවුන් කෘතඥතාව පළ කරන්නෝ වෙති සුභවාදී මිනිසුන්ගේ තවත් විශිෂ්ට ගුණාංගයක් වන්නේ ඔවුන් බොහෝ විට අන් අයට කෘතඥතාව දැක්වීමයි. කුමක් සිදු වුවද, ඔවුන් එය අගය කරන අතර ඔවුන් ඒ සඳහා සෑමවිටම කෘතඥ වෙති. යම් දේවල් නිසි පරිදි සිදු නොවුනත්, අතීතය වෙනස් කළ නොහැකි බව ඔවුන් හොඳින්ම දන්නා නිසාත්, ඔවුන්ගේ මුහුණෙන් පවා එය පෙන්වීමට තේරුමක් නැති බවත් ඔවුහු හොදාකාරවම දනිති. එමනිසා, ශුභවාදී පුද්ගලයන් කෘතඥතාව පළ කිරීමට හා සිදුවී ඇති දේ පිළිගැනීම තෝරා ගනී.

 

 

කෙසේ වෙතත්, මෙයින් අදහස් කරන්නේ ඔවුන් ඔවුන්ගේ පරාජය පිළිගැනීම හෝ කිසිවක් නොකිරීමට තෝරා ගැනීම කියා නොවේ. තත්වය වෙනස් කළ නොහැකි බව ඔවුන් පිළිගනියි, නමුත් ඔවුන්ට තමන්වම වෙනස් කළ හැකිය යන්න අවබෝධ කරගනී. කෘතඥතාව යනු ඔබ විසින් අනුගමනය කළ යුතු ඉතා ඉහළ ගුණාංගයකි. ඒ ගැන ඔබ හොඳින් සිතන්න. ඔබ සතුව ඇති දේ ගැන ඔබ සෑම විටකම කෘතඥ වන විට, ඔබ ධනවත් බව ඔබට සැමවිටම දැනෙනු ඇත. නමුත් ඔබ සතුව ඇති දේ ගැන ඔබ කෘතඥ නොවන්නේ නම්, ඔබට බැංකුවේ මිලියන ගණන්, කෝටි ගණන් තිබුණද ඔබ කිසි විටෙකත් ධනවත් යන හැගීම නොදැනෙනු ඇත. සුභවාදී පුද්ගලයන් ගැටළු වලට පැටලී සිටින විට, ඔවුන්ට එතරම් නරකක් හෝ ඒ පිළිබඳව දුකක් දැනෙන්නේ නැත. මන්ද ඔවුන් සතුව නැති දේවලට වඩා ඔවුන් සතුව ඇති දේවලට ඔවුන් කෘතඥ වී ඇති නිසාවෙනි.

 

4. ඔවුන් "බැහැ" කියන්නන්ට කිසිවිටෙකත් ඇහුම්කන් දෙන්නේ නැත බොහෝ සාර්ථක පුද්ගලයින් "බැහැ" කියන අයට ඇහුම්කන් නොදෙන බව ඔබ දන්නවාද? සුභවාදී පුද්ගලයන් යනු හැකියාව විශ්වාස කරන අයයි. යමක් කළ නොහැකි බව යමෙකු ඔබට පැවසූ විටදීත් ඔබ තවමත් ඉදිරියට යාමට අවශ්ය යැයි තෝරා ගන්නේ නම්, ඔබ ඔබේ උත්සාහයේ හැඟීම් සහ සහජ බුද්ධිය උපරිමයෙන්ම විශ්වාස කරන බැව් සහතිකයි.

 

 

පලමු ලිපිය මෙතනින්

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Interent

 

views

532 Views

Comments

arrow-up