ඔබත් දකුණු ඇලයට නිදා ගන්නා අයෙක්ද?
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
19

ඔබත් දකුණු ඇලයට නිදා ගන්නා අයෙක්ද?

ඔබත් දකුණු ඇලයට නිදා ගන්නා අයෙක්ද?

අපගේ ශාරීරික හා මානසික සෞඛ්‍යය පවත්වා ගැනීම සඳහා නින්ද ඉතා වැදගත් බව අපි කවුරුත් දනිමු. නමුත් ඔබ නිදා සිටිනා ඇලය කුමන ආකාරයක වැදගත්කමක් ගෙන දෙන්නේද යන්න පිළිබඳව කවදා හෝ සලකා බැලුවාද?

 

ඔබට සුපුරුදු ඇලය දකුණ නම් එය වෙනස් කිරීමට ඔබ අකමැති වන්නට පුළුවන. එහෙත් දැන් එයට සුදුසුම කාලයයි. නමුත් ඔබේ නිදාගැනීමේ ඇලය ඔබේ සෞඛ්‍යයට සෘජුවම බලපායි. විශේෂඥයින් උපදෙස් දෙන්නේ නිදා ගැනීමට හොඳම ඇලය වම් ඇලය බවයි. එයට හේතුව දැන ගැනීමට නම් මේ ලිපිය දිගටම කියවන්න.

 

  •  ශරීරය මගින් බඩවැල් හරහා අපද්‍රව්‍ය ඉවත් කරයි. අපි වම් ඇලයට නිදා සිටින විට, ආහාර අපද්‍රව්‍ය ඔබේ විශාල අන්ත්‍රයේ සිට පහළට බැස ගොස්, බඩවැල දක්වා ගමන් කිරීමට පහසු වේ. බඩවැල් චලනය පහසු කිරීමට මෙය ඔබට උපකාරී වේ. ආමාංශය සහ අග්න්‍යාශය ශරීරයේ ආහාර ජීර්ණ එන්සයිම නිපදවයි. අප වම් ඇලයට නිදා සිටින විට, මෙම අවයව සුවපහසු ලෙස පිහිටන අතරම ආහාර ජීර්ණ ක්‍රියාවලිය ඵලදායී ලෙස සිදු කිරීමටද ඉවහල් වේ.

 

 

  •  ගෑස්ට්‍රයිටිස් ඇතිවීම අවම කිරීම වම් ඇලයට නිදා ගැනීමෙන් ශරීරයේ ඇසිඩ් පරාවර්තනය අඩු වේ. මෙයට හේතුව අප බඩ වම් ඇලයට පිහිටා තබාගැනීමෙනුයි. දකුණු ඇලයට නිදා ගැනීමෙන් ආමාංශ ආම්ලිකතාවය වැඩි විය හැකි අතරම, ඔබ ආහාර ගැනීමෙන් පසු අපහසුතාවයක පසුවන්නේ නම්, ඔබේ වම් ඇලයට විනාඩි 10 ක් පමණ නිදා සිටීමට උත්සාහ කරන්න.

 

  •  ගර්භනී කාන්තාවන්ට පහසුව ගර්භනී කාන්තාවන් වම් ඇලයට නිදාගැනීමෙන් රුධිර සංසරණය වැඩි දියුණු කරන අතරම, අක්මාව මගින් ගර්භාෂය මතට සිදුවන පීඩනය වළකමින් හොඳින් ගැබට අවශ්‍ය රුධිර සංසරණය වැඩි දියුණු කරයි.

 

  •  කොන්දේ හෝ තුනටිය වේදනාවෙන් මිදෙන්න නිදන්ගත කොන්දේ හෝ තුනටිය වේදනාවෙන් පෙළෙන අයට ඔවුන්ගේ සුවබර නින්දක් ලබා ගැනීම සඳහා වම් ඇලයට සිටීම ඉතාමත්ම සුදුසුයි. එය කොඳු ඇට පෙළට වන පීඩනය මුදා හරින අතර එම නිසාම කොන්දේ හෝ තුනටියෙහි වේදනාව අඩු කරයි.

 

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

 Photo source : Internet

views

1882 Views

Comments

arrow-up