නිවසේ පිරිසිදු කිරීම් සඳහා සිසිල් බීම
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
11

නිවසේ පිරිසිදු කිරීම් සඳහා සිසිල් බීම

නිවසේ පිරිසිදු කිරීම් සඳහා සිසිල් බීම

කොකා කෝලා , පෙප්සි , ෆැන්ටා , ස්ප්‍රයිට් , සෝඩා , ක්‍රීම් සෝඩා තව තව බොහෝ නම් වලින් හදුන්වන විවිධ වූ සිසිල් බීම වර්ග වෙළෙඳපොළේ පිරිලා. අනික සිසිල් බීම කිව්වම නොබොන කෙනෙක් නෑ. ඕනෑම උත්සවයක වුණත් අනිවාර්යයෙන්ම තිබෙන දෙයක්.

ඒත් ඔබගේ නිවසේ පිරිසිදු කිරීම් සඳහා සිසිල් බීම වර්ග ප්‍රයෝජනවත් වනවා කිව්වොත් ඔබට පුදුම හිතෙයි. ඒත් ඒ ඇත්ත. මේ කියන්න යන්නේ කොහොමද ඒ පිරිසිදු කරගැනීම් කරගන්නෙ කියලයි.

 

  •  සින්ක් එකේ වතුර බහින කොටස

 


ඔබගේ නිවසෙත් සින්ක් එකේ වතුර බැස යන්නේ නැත්ද ? සිසිල් බීම වල තියෙන කාබනික ඇසිඩ් මගින් මෙම ගැටළුවට හොඳ පිළියමක් ලබා දෙනවා. මෙයට ඔබට අවශ්‍ය වන්නේ කුඩා සෝඩා බෝතලයක් පමණයි.

පළමුව ඔබ සෝඩා බෝතලයෙහි ඇති සෝඩා සින්ක් එකේ වතුර බැස යන කොටසට වත් කරන්න. පසුව නැවත උණු වතුරෙන් සෝදා හරින්න. ඉතා පහසුවෙන් දැන් සින්ක් එකේ වතුර බැස යාවි.

මෙය ඔබගේ වැසිකිළි බදුනටද යෙදිය හැකියි. එහිදී වඩාත් සුදුසු වන්නේ කොකා කෝලා බෝතලයක් යොදා ගෙන පිරිසිදු කිරීමයි. එහිදීත් කොකා කෝලා බදුනට වත්කර මද වේලාවකින් ෆ්ලෂ් කර හරින්න. හොඳින් ටොයිලට් බ්‍රෂ් එකකින් මදින්න අමතක කරන්න එපා.

 

  •  උයන භාජන

 


උයන භාජනයක ඇති පිළිස්සුණු පැල්ලම් මැදලම එපා වෙලාද ? කොයිතරම් මැද්දත් ඒ පැල්ලම් නම් යන්නෙම නැත්නම් මෙන්න නියම ක්‍රමය.

කොකා කෝලා ස්වල්පයක් එම භාජනයේ පැල්ලම් වැසෙන සේ දමා විනාඩි 15 ක් 30 ක් පමණ අඩු ගින්දරේ රත් කර ගන්න. පසුව නැවතත් සුපුරුදු ආකාරයටම සබන් හෝ ලික්විඩ් ඩිෂ් වොෂ් යොදා සෝදා හරින්න.

 

  •  ඇදුම් වල ඇති තෙල් කහට පැල්ලම්

 


තෙල් , කහට පැල්ලම් වගේම මේකප් පැල්ලම් ඇදුම් වලින් යවන්න පුදුම දුකක් විඳිනවා. මෙන්න දැන් සිසිල් බීම වලින් විසදුම.

සෙවන් අප් හෝ ස්ප්‍රයිට් වීදුරුවක් එම ඇදුමෙහි ඇති පැල්ලමට යොදා සාමාන්‍ය ආකාරයට සබන් ගා සෝදා හරින්න. තෙල් , කහට , මේකප් පැල්ලම් තිබුණද කියලවත් හොයාගන්න බැරි වෙයි.

 

  •  චුයින්ගම්

 


වැරදිලා හරි ඔබගේ කොණ්ඩයේ චුයින්ගම් පැටළුණොත් එය ඉවත් කිරීමට සුදුසුම ක්‍රමය නම්,

කොකා කෝලා වීදුරුවකට එම කොණ්ඩ කොටස දමා ටික වේලාවකින් එය ඉවත් කිරීමයි. විනාඩි කිහිපයකට ඔබට අපහසු වූ ඉරියව්වකට ඉන්න සිදු වුවත් මෙම ක්‍රමයෙන් ඉතා ඉක්මනින් චුයින්ගම් කොටස් ඉවත් කළ හැකි වෙනවා.

 

  •  මලකඩ පැල්ලම්

 


ඔබගේ නිවසේ ඇති මල බැදුණු ආයුධ හා ඇණ ඇත්නම් අනිවාර්යයෙන්ම මෙම ක්‍රමයෙන් එම මලකඩ ටික යැවීම කළ හැකියි.

භාජනයකට කොකා කෝලා දමා එහි එම ආයුධ ටික ගිල්වා මඳ වේලාවක් තබා අරගන්න. හොඳ තත්වයේ ආයුධ ලෙස දිස්වෙයි. හොඳින් සෝදා අව්වේ වියළා ගන්නටත් අමතක කරන්න එපා.

 

  •  ජනෙල් හා කණ්නාඩි


පොඩි රෙදි කැබැල්ලකට හෝ පෙපර් ටවල් එකක් කොකා කෝලා ස්වල්පයකින් පොඟවා හොඳින් නිවසේ ජනෙල් හා කණ්නාඩි පිසදාන්න. ඉන්පසු මෘදු රෙදි කැබැල්ලකින් නැවතත් හොඳින් පිසදැමීම කළ යුතුයි.
 

  •  කාපට් වල පැල්ලම්

 


කාපට් වල ඇති පැල්ලම් යැවීමටත් කොකා කෝලා වලට හැකියාව තිබෙනවා. පැල්ලම මත කෝක් ස්වල්පයක් යොදා හොඳින් පිසදාගන්න.

ලා වර්ණයන්ගෙන් යුතු වූ කාපට් වලට කොකා කෝලා යෙදීමේදී ඉතාමත් ප්‍රවේශම් වන්න, මන්ද කොකා කෝලා වල ඇති තද වර්ණය නිසා තිබුණු පැල්ලම් තව වැඩි වන්නටත් ඉඩකඩ ඇති නිසා

 

  •  රිදී ආභරණ


කාලයක් යද්දීම රිදී ආභරණ දුර්වර්ණ වී තද පැහැයක් ගන්නවා. එහි ඇති දිලිසීමත් නැතිවී යනවා. මෙය නැති කිරීමට හොඳම ක්‍රමය නම්, ස්ප්‍රයිට් , සෙවන් අප් හෝ ලෙමනේඩ් වැනි සිසිල් බීම වර්ගයක් භාජනයකට දමා එයට මෙම ආභරණ ටික දමා ටික වේලාවකින් හොඳට පිරිසිදු කර පිස දමා ගන්න. අළුතෙන්ම මිලදී ගත්තා වගේ ලස්සන දීප්තියක් ගෙන ඒවි.

 

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

1534 Views

Comments

arrow-up