ළූණු වලින් කොණ්ඩේ වවා ගන්න හැටි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
18

ළූණු වලින් කොණ්ඩේ වවා ගන්න හැටි

ළූණු වලින් කොණ්ඩේ වවා ගන්න හැටි

දිගු කොණ්ඩයක් වවා ගැනීම කියන්නෙ ඕනම ගැහැණු කෙනෙක් ගෙ සිහිනයක්. නමුත් මෙම කෙස් ගසක් වැවෙනව කියන එක දවසින් දෙකෙන් සිදුවන දෙයක් නම් නෙවේ. මේ සදහා මාස ගානක් ගත වෙනවා. ඒ නිසාවෙන්ම මේ සදහා ඔබගේ ඉවසීම ඉතා වැදගත් වෙනවා. ඉතින් අන්න ඒ කාලය අතරතුර මෙම වැවීමේ වේගය වැඩි කර ගැනීමට කේෂ වර්ධන ක්‍රියාවලිය උත්තේජනය කරන අමුද්‍රව්‍ය භාවිතා කල යුතු වෙනවා. ඉතින් ඔබ තරමක් දුරට පුදුමත් වෙනව ඇති මේ අපේ මුලුතැන්ගෙයි නිතර දකින්නට ලැබෙන ළූණු වැනි දේකින් කොහොමද එහෙම දෙයක් කර ගන්නෙ කියල​. නමුත් ඔබ දන්නවාද මේ ළූණු කියන්නෙත් එසේ හිස කෙස් වර්ධන ක්‍රියාවලියට දායක වෙන ප්‍රබල උත්තේජකයක් බව​.


හොදයි දැන් මම කියන්න යන්නම් ඒමොනවද සහ ඒ කොහොමද කියල​. පලමුවෙන්ම මේ සදහා අපි ගන්නෙ ළූණු යුෂයි. ඔබ දන්නවාද මෙම ළූණු යුෂ රුධිර සන්සරනය වැඩි කිරීමට සහ හිස් කබල පෝෂණය කිරීමට මනා සේ දායක වෙන බව​. ඒ වගේම තමයි ඔබට මේ වන විට ඇත්තේ තුනී හිසකෙස් නම් ඒවා ඝණ කර ගැනීමටත් මේ ළූණු යුෂ මනා සේ යොදා ගන්න පුලුවන්. මේක ඔබට නිවසේදී පවා කරගත හැකි ඉතාමත් පහසු පිලියමක්.

 

 

මේ සදහා ඔබට පුලුන් කැබැල්ලක් සහ ළූණු යුෂ ටිකක් විතරයි අවශ්‍ය වෙන්නේ. දැන් මම කියන්නම් කොහොමද මේ ළූණු යුෂ එක සකස් කර ගන්නෙ කියල​. මුලින්ම හොදින් පොතු හැර සකසා ගත් ළූණු ගෙඩි කීපයක් ගෙන බ්ලෙන්ඩර් කර ගන්න ඕන​. ඊට පස්සෙ එම මිශ්‍රණය පෙරා එයින් ළූණු යුෂ ටික වෙන් කර ගන්න​. දැන් යුෂ ටිකත් හදා ගත්තට පස්සෙ කරන්න තියෙන්නෙ පුලුන් කැබැල්ල අරගෙන ළූණු යුෂ එකේ හොදින් පොගවල ගන්න ඕන​. දෙඅන් කරන්න තියෙන්නෙ ඔබ හිස් කබල හොදින් තෙමා ගෙන පොගවා ගත් පුලුන් කැබැල්ල ආදාරයෙන් තෙත හිස් කබල මත ළූණු යුෂ හොදින් තවරන්න​.

 

දැන් හොදින් ළූණු යුෂ ටික හිස් කබල මත තවරා ගත් පසු විනාඩි කීපයක් යන තෙක් එය හොදින් සම්බාහනය ක් අර ගන්න​. දැන් පැයක් පමණ එසේ තිබෙන්නට හරින්න​. ඉන් පස්සෙ ඉතා ම්‍රුදු ෂැම්පූ එකක් භාවිතා කර එය සෝදා හරින්න​. මෙහිදී තවත් විශේෂයෙන් ම සදහන් කරන්න දෙයක් තියනවා. ඒ තමයි බොහෝ දෙනෙක් මා දන්නා පරිදි මෙම ළූණු ඝන්ධය අප්‍රිය කරනවා. ඒ අයුරින් ඔබත් මෙම ළූණු ගද අප්‍රිය කෙනෙක් නම් ඔබට කරන්න දේකුත් තියනවා. ඒ තමයි මෙම සත්කාරයෙන් පසු එය ඉවත් කිරීමට ඔබට ජලය කෝප්පයකට ඇපල් සයිඩර් විනාකිරි මේස හැදි එකක් මිශ්‍ර කර හිස සෝදන්න පුලුවන්. මේ ආකාරයට ඔබ සනානය කරන විටදි හෝ දිනපතා කිරීමෙන් මෙහි අග්‍රඵලය ලබා ගැනීමට ඔබට පුලුවන්. ඒ වගේම තමයි හොදින් මතක තබා ගත යුතුයි එක පාරටම මෙහි ප්‍රතිපල ලබන්න බැහැ මොකද හිසකෙස් වැවෙන්න යම් කාලයක් අවශ්‍යයි.(ඉහත සදහන් කල ආකාරයටම​) ඉතින් යම් කාලයක් එක දිගට ඔබ මෙය කලොත් ඔබට ඉතාමත් ඝණව වැව්ණු දිග කොන්ඬයක් ලැබීම නොඅනුමානයි.

 

 

 

 

 

 

 

 

by Sahan Sandeepa

Photo source : Internet

views

526 Views

Comments

arrow-up