මාරාන්තික රෝග පිළිබඳ ඉඟි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
12

මාරාන්තික රෝග පිළිබඳ ඉඟි

මාරාන්තික රෝග පිළිබඳ ඉඟි

යම්කිසි ලෙඩක් ඇතිවෙලා ශරීරය අඩපණ වූ විට එය යලි ස්වයංක්‍රීයව සකස් කරන්නට අපේ ශරීරයට හැකි බව ඔබ දන්නවාද? එබැවින් සිරුරට විවිධ ලෙඩ රෝග වැළඳෙන්නට පෙර ඒ බව දැනුවත් කරන්නට ශරීරය විසින්ම විවිධ සංඥා නිකුත් කරනවා. මේ එවැනි රෝග ලක්ෂණ කිහිපයක්.

ඇස් වල පැහැය වෙනස් වීම


ඔබ ලබාගන්න නින්ද ප්‍රමාණවත් නොවීම සහ සෙම්ප්‍රතිශ්‍යාව නිසා ඔබේ ඇසේ සුදු ඉංගිරියාව මලානික සුදු පැහැවිය හැක. එසේම ඇසේ සුදු ඉංගිරියාව කහ පැහැවී ඇත්නම් සෙංගමාලය, අක්මාවේ සහ පිත්තාශයේ ගැටලු තිබිය හැක. ඔබේ ඇසේ සුදු ඉංගිරියාව රතු පැහැවී ඇත්නම් ඔබේ හිස ආශ්‍රිත රුධිර පීඩනය වෙනස්වී තිබිය හැක.

තොල් පැලීම

 


පරිසරයේ උෂ්ණත්වය හා සුළඟ සිදුවන විවිධ වෙනස්කම් නිසා ඔබේ දෙතොල් ඉරිතැලීම ඇති විය හැකිය. නමුත් විටමින් B සහ සින්ක් ඌනතාවය නිසා දෙතොල් නිතරම වාගේ ඉරිතැලුණු ස්වරූපයක් ගතහැක. එසේම මෙය දිලීර ආසාදනය වීමේදී ඇතිවන රෝග ලක්ෂණයක් ලෙසද දැකිය හැක.

මැදිවියට පෙර හිසකෙස් පැහීම


හිසකෙස් සුදු පැහැවීම වයස්ගත වීමත් සමඟ ඇතිවනස්වභාවික ක්‍රියාවලියක්. නමුත් විවිධ ජානමය හේතු නිසා අකලට හිසකෙස් සුදුපැහැ වේ. විශේෂයෙන්ම ඔබ වයස අවුරුදු තිහේ පමණ පසුවන පුද්ගලයෙක් නම්, ඔබේ හිසකෙස් දැනටමත් 50%ක් පමණ පැසී අවසන් නම් ඔබ දියවැඩියා රෝගයට ගොදුරු වී තිබිය හැක. එබැවින් මේ පිළිබඳ ඔබ වහාම සැලකිලිමත් වන්න.

සමේ ඇතිවන විවිධ ලප


ඔබේ සමෙහි ඇතිවන ලප ශරීරයට පීඩාවක් නොවුණත් අධිකව හිරැඑළියට නිරාවරණය වීම නිසා ඇතිවන ලප භයානක ප්‍රතිපල උදාකළ හැක. විශේෂයෙන්ම හිරු කිරණ නිසා සහ UV කිරණ නිසා ඇතිවන ලප, පිළිකාව ඇතිවීමේ සලකුණක් වියහැක.

නියපොතුවල ඇතිවන වෙනස්කම්

 


ශරීරයේ සිදුවන බොහෝ දෑ පිළිබඳව අනාවරණය කරගැනීමට නියපොතු මගින් පුළුවන්. Hepatitis වැනි අක්මාවේ ඇති වන රෝගී තත්ත්වයකදී නියපොතු වඩාත් කහ පැහැ විය හැක. රතු පැහැ වූ නියකින් අර්ථවත් වන්නේ හදවත් රෝග පිළිබඳ අනතුරු අඟවයි.

බෙල්ලේ ඉදිමුම්


බෙල්ලේ ඉදිරිපස පෙදෙස ඉදිමී ඇත්නම් එයින් කියවෙන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිවල ආසාදන තත්වයකි. විශේෂයෙන්ම මෙම තත්ත්වය වයස අවුරුදු 20–50 අතර කාන්තාවන් අතර බහුලව දැකිය හැක.

රතු පැහැ අල්ල


විවිධ චර්ම රෝග නිසා අල්ල රතු පැහැවීම දැකිය හැක. ඖෂධ සහ ආහාර සහ පාන වලින් විවිධ ආසාත්මිකතා ඇතිවීම නිසාත් දද ඇතිවීම නිසාත් මෙම තත්වය දැකිය හැක. විශේෂයෙන්ම අධික ලෙස වැඩ කිරීම නිසාත් අක්මාවේ ඇතිවන රෝගී තත්වයන් නිසාත් ඔබේ අත්ල රතුපැහැ වියහැක.

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

1415 Views

Comments

arrow-up