මව්වරුන්ගේ අවධානය යොමුවිය යුතු දරුවන්ගේ යට ඇඳුම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
23

මව්වරුන්ගේ අවධානය යොමුවිය යුතු දරුවන්ගේ යට ඇඳුම්

මව්වරුන්ගේ අවධානය යොමුවිය යුතු දරුවන්ගේ යට ඇඳුම්

දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂිත බව පවත්වා ගැනීම මවකගේ වගකීමයි. සෞඛ්‍යාරක්ෂිත බව පිළිබඳව කතා කරන විට දරුවන්ගේ ඇඳුම් පැළඳුම් වලට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයක්. දරුවන් කුඩා කාලයේදී ඉතා පිරිසිදු ඇඳුම් ඇන්දවීම මව්වරුන් විසින් සිදුකළ ද පාසල් වියට පැමිණි පසු ඇතැම් මවුවරුන් ගේ අවධානය දරුවන්ගේ ඇඳුම් වලින් ඈත්වී යන බවක් දක්නට ලැබේ. එවිට ඔබගේ දරුවාට කුමක් සිදුවේවි ද. අපි අද ඒ පිළිබඳව කතා කරමු.

දරුවන්ගෙන් උඩ ඇඳුම් මෙන්ම යට ඇඳුම් වලද සෞඛ්‍යආරක්ෂිත බව කෙරෙහි මව්වරුන් විසින් අනිවාර්යයෙන්ම අවධානය යොමු කළ යුතුයි. මෙහිදී සෑම දෙනෙක් විසින්ම යට ඇඳුම් ඇඳීමෙ අවශ්‍යතාවය කුමක්ද යන්න පිළිබඳව මුලින්ම අවබෝධ කරගත යුතුය. යට ඇඳුම්වල අවශ්‍යතාව පුද්ගල සංස්කෘතිය වෙනස් වීමත් සමඟම පැමිණි දෙයකි. සාමූහිකව ගැවසීම, මිනිසා සමාජශීලී වීම යන කරුණු හේතුවෙන් ලිංගික ප්‍රදේශය ආවරණය කිරීමට අවශ්‍ය වීම, ශරීරයේ හැඩය පිළිබඳ අවධානය ඇතිවීම යන කරුණු මත යට ඇඳුම් ඇඳීම අනිවාර්ය අංගයක් බවට පත් විය. පුද්ගලයෙකුගේ ශරීරයේ බහිශ්‍රාවී අවයව මුලින්ම ආවරණය වන්නේ යට ඇඳුම් වලින් වන අතර මෙම ප්‍රදේශ සිරුරේ වැඩිපුරම ක්ෂුද්‍ර ජීවීන් සහ අනිකුත් බැක්ටීරියා වර්ග ක්‍රියාකරන ප්‍රදේශ වේ. එමනිසාවෙන් පිරිසිදු යට ඇඳුම් භාවිතා නොකලොත් සමේ කැසීම් මෙන්ම නොයෙකුත් ලෙඩ රෝග ද ඇති වීමේ ප්‍රවණතාවක් පවතී. එමනිසා සනීපාරක්ෂාව සහ පිරිසිදුකම පවත්වා ගැනීම සඳහා අලුත් සහ පිරිසිදු යට ඇඳුම් භාවිතා කිරීම අත්‍යවශ්‍යයි. දරුවන් විසින් දිගු කාලයක් පරණ යට ඇඳුම් ඇඳීම මගින්ද ඒවායෙහි පවතින ක්ෂුද්‍රජීවීන් අවයව වලට විවිධ ආසාදන ඇති කිරීමට පුළුවනි. එමනිසාවෙන් පිරිසිදු යට ඇඳුම් ඇඳීමට දරුවා හුරු කිරීම මවක් සතු වගකීමකි.

 

 

අප ජීවත්වන පරිසරයේ කාලගුණයේ වෙනස්කම් ආදිය පිළිබඳව යට ඇඳුම් තෝරා ගැනීමේදී බෙහෙවින් සැලකිලිමත් විය යුතුයි. ශ්‍රී ලංකාව ඝර්ම කලාපීය රටක් වන බැවින් ඉහළ උෂ්ණත්වයක් ඇති නිසා දහඩිය දමයි. එමනිසාවෙන් දරුවන්ට අධික උෂ්ණත්වය හේතුවෙන් ඇතිවන දහදිය උරා ගැනීමට හැකියාවක් ඇති යට ඇඳුම් මව්වරුන් විසින් තෝරා දිය යුතුය. එම නිසා වඩාත් සුදුසු වන්නේ කපු රෙද්දෙන් මසන ලද ඇඳුම්ය. එවැනි රෙදිවලින් මසා ගත් යට ඇඳුම් භාවිතය තුළින් අධිකව දමන දහඩිය උරා ගන්නා අතර ගතට පහසුවක්ද ගෙන දෙයි. වර්තමාන වෙළඳපොලේ නයිලෝන් සහ synthetic රෙදි වලින් අලංකාරව මසන ලද යට ඇඳුම් ඕනෑතරම් දක්නට ලැබෙන අතර ඒවා දරුවන්ට ඇන්දවීම කිසිසේත්ම සුදුසු නොවන බව මව්වරුන් විසින් දැනගත යුතුයි. එවැනි රෙදි වලින් මසන ලද යට ඇඳුම් නිසාවෙන් ශරීරයට අධික රස්නයක් දැනෙන අතර දහඩිය උරා ගැනීමක් ද සිදු නොවේ. එමෙන්ම බටහිරින් අපේ රටට පැමිණෙන යට ඇඳුම් විලාසිතාවන් අපේ සෞඛ්‍යයට කෙතරම් දුරට ගැලපෙනවාද යන්නද සලකා බලා දරුවන්ගේ යට ඇඳුම් තෝරා බේරා දීම මවක් විසින් සිදුකළ යුතුයි. තවද දරුවන්ට යට ඇඳුම් තෝරා දීමේදී ඒවා ළා වර්ණ වලින් විශේෂයෙන් සුදු වර්ණයෙන් තෝරා ගැනීමද වඩාත් වැදගත්ය. මෙවැනි කරුණු පිළිබඳව දැනුවත්භාවයෙන් පසුවීම ඔබගේ දරුවාගේ සෞඛ්‍යආරක්ෂිත බව තහවුරු කරගැනීමහිලා වඩාත් ඉවහල් වනු ඇත

 

 

by Sachini Sooriyaarachchi 

Photo Source: Internet

views

628 Views

Comments

arrow-up