මුහුද කුණු කාණුවක් යැයි සිතන ජපානයට දැඩි විරෝධයක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
11

මුහුද කුණු කාණුවක් යැයි සිතන ජපානයට දැඩි විරෝධයක්

මුහුද කුණු කාණුවක් යැයි සිතන ජපානයට දැඩි විරෝධයක්

ජපානය ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ සිට පැසිෆික් සාගරයට පිරිපහදු කළ අපජලය මතභේදාත්මක ලෙස මුදා හැරීම ආරම්භ කිරීමත් සමග කලාපය තුළ විරෝධතා මතුව ඇති අතර චීනය විසින් ජපානයෙන් මුහුදු ආහාර ආනයනය සම්පූර්ණයෙන් නතර කරනු ලැබ තිබේ.

 

එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ ආයතනය වන ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය විසින් අනුමතකර තිබියදීත්, මෙම සැලැස්ම ජපානයේ ගැඹුරින් මතභේදයට තුඩු දී ඇති අතර ස්වදේශික ජනතාවද සාගර දූෂණය පිළිබඳ කනස්සල්ල පළ කර තිබේ.

 

ජපානයේ ධීවර කර්මාන්තයේ නියැළෙන කණ්ඩායම් සහ ඒ ආසන්න පුළුල් කලාපයම සිය ජීවනෝපය ගැන කනස්සල්ලට පත්ව සිටින්නේ, පාරිභෝගිකයන් විසින් මුහුදු ආහාර මිලට ගැනීම නතර කරනු ඇතැයි යන බිය නිසාවෙනි.

 

ජපානය විසින් සාගරය "පෞද්ගලික කුණුකාණුවක්" ලෙස සලකන බවට චීනය චෝදනා කරන අතර, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය ද "ඒක පාර්ශවීය" ලෙස කටයුතු කරන බවට විවේචනය කරයි. දකුණු කොරියාවේ රජය සැලැස්මට විරෝධයක් නැතැයි ප්‍රකාශ කළ නමුත් එරට බොහෝ පුරවැසියෝ එයට විරෝධය දක්වති.

 

views

335 Views

Comments

arrow-up