APR
02
Naka හි පුද්ගලයෙකුට පහරදීමක්

34 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ (01) Ibaraki ප්‍රාන්තයේ Naka හි ඔහුගේ නිවසින් පිටතදී පහරකෑමකට ලක්ව ඇත.
පොලිසියට අනුව සිද්ධිය වී ඇත්තේ පස්වරු 4 ට පමණය.
ස්වයං රැකියාවක් කරන මෙම පුද්ගලයාට නාඳුනන දෙදෙනෙකු විසින් පිටුපසින් පහර දී ඔහුගේ මුදල් පසුම්බියෙන් යෙන් 10,000 ක් පමණ සොරකම් කර තිබේ.
පහරකෑමට ලක්වූ පුද්ගලයා පොලිසියට පවසා ඇත්තේ තමාට ප්‍රහාරය එල්ල වන විට තම නිවසට යාබද ගබඩා කාමරයකින් ඇසුණු ශබ්දයක් ගැන සොයා බැලීමට ගිය බවයි.
256 Views
Comments