Kanetsu බස් රථ අනතුරේ 11 වැනි අනුස්මරණය අද
විදේශගත ඔබට
Latest_News
calendar
APR
29

Kanetsu බස් රථ අනතුරේ 11 වැනි අනුස්මරණය අද

Kanetsu බස් රථ අනතුරේ 11 වැනි අනුස්මරණය අද

2012 වසරේ Gunma ප්‍රාන්තයේ Fujioka නගරයේ Kanetsu අධිවේගී මාර්ගයේ දී මගීන් 7 දෙනෙකු මිය ගොස් 38 දෙනෙකු බරපතල තුවාල ලැබූ බස් රථ අනතුරේ 11 වන සංවත්සරය අද (29) දිනට යෙදී තිබේ.

 

අනතුර සිදු වූ වේලාව වන අලුයම 4.40 ට පමණ වියෝ වූ පවුල් ඇතුළු 20 දෙනකු පමණ අනතුර සිදුවූ ස්ථානයට පැමිණ මල් පූජා කර යාච්ඤා කළහ.

 

ඒ වන විට වයස අවුරුදු 17 ක් වූ තම එකම දියණිය අහිමි වූ ඉෂිකාවා ප්‍රාන්තයේ හකුසාන් ප්‍රදේශයේ 51 හැවිරිදි පුද්ගලයෙක් පැවසුවේ දුව ජීවත්ව සිටියා නම් ඇයට වයස අවුරුදු 28 ක් වන බවයි.

 

views

236 Views

Comments

arrow-up