APR
28
නරිටා ගුවන් තොටුපළේ සංචාරක පැමිණීම් සහ පිටවීම් ඉහළට

ජපානයේ එළඹෙන වසන්ත නිවාඩු කාලය තුළ තෝකියෝ අසල නරිටා ගුවන් තොටුපළට ජාත්‍යන්තර පැමිණීම් සහ පිටත්වීම් පසුගිය වසරේ සංඛ්‍යාව මෙන් පස් ගුණයකට වඩා වැඩි වනු ඇතැයි පුරෝකථනය කර ඇත.
Narita ජාත්‍යන්තර ගුවන්තොටුපල සංස්ථාවේ නිලධාරීන් ඊයේ (27) ප්‍රකාශ කළේ අප්‍රේල් 28 සිකුරාදා සිට මැයි 7 දක්වා දින 10 ක කාලය තුළ 565,000 කට අධික පිරිසක් Narita ගුවන් තොටුපළ භාවිතා කිරීමට අපේක්ෂා කරන බවයි.
Narita ජාත්‍යන්තර ගුවන් තොටුපල සංස්ථාවේ සභාපති තමුරා අකිහිකෝ සංචාරකයින්ට ඔවුන්ගේ ගුවන් ගමන් සඳහා කලින් පැමිණෙන ලෙස උපදෙස් දෙයි.
271 Views
Comments