අයිස්ලන්තයෙන් ජපානයට තල්මස් මාංශ

තල්මසුන් දඩයම් කිරීම සැප්තැම්බර් 1 වැනිදා යළි ආරම්භ කිරීමෙන් පසු අයිස්ලන්තයේ දඩයම්කරුවන් විසින් මෙම කන්නයේ පළමු වරල් තල්මසා අල්ලාගෙන ඇත. මෙම තල්මසුන්ගේ මස් ජපානයට අපනයනය කිරීමට නියමිතය.
රටේ එකම තල්මසුන් සමාගම වන Hvalur, සිකුරාදා Reykjavik අගනුවර අසල වරායකට වරල් තල්මසෙකු ඇදගෙන ගියේය. එහිදී සකස් කරන ලද තල්මසුන්ගේ මස්වලින් වැඩි ප්‍රමාණයක් ජපානයට අපනයනය කරන බව එම සමාගම පවසයි.
අයිස්ලන්තය පසුගිය වසර දක්වා තල්මසුන් දඩයම් කිරීම අත්හිටුවා තිබුණේ එය ලාභ නොලබන බව සැලකීම නිසා ය. නමුත් ජපන් සමාගම් Hvalur අල්ලා ගන්නා සියලුම තල්මසුන් මිලදී ගත යුතුය යන කොන්දේසිය මත ඔවුන් නැවත දඩයම ආරම්භ කළේය.
පසුගිය සමයේ ජපානයට තල්මසුන් 150ක පමණ මස් අපනයනය කර ඇත.
562 Views
Comments