අටාමි නගරයේ සිදුවූ අනතුරකින් සරසවි සිසුවෙක් ජීවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
16

අටාමි නගරයේ සිදුවූ අනතුරකින් සරසවි සිසුවෙක් ජීවිතක්ෂයට

අටාමි නගරයේ සිදුවූ අනතුරකින් සරසවි සිසුවෙක් ජීවිතක්ෂයට

ඊයේ(15) සවස 2.35 ට පමණ ෂිසුඕකා ප්‍රාන්තයේ අටාමි නගරයේ හිගාෂිකායිගන්චෝහි ජාතික මාර්ග අංක 135 හි  ත්‍රිරෝද රථයක් අනතුරට ලක්වී පදික වේදිකාවේ ගමන් කරමින් සිටි පදිකයින් තිදෙනෙකුගේ ගැටී තිබේ.

 

ඉන් එක් අයෙකු මිය ගිය අතර දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇත.

 

මියගිය පුද්ගලයා සයිටමා ප්‍රාන්තයේ ෆුජිමි නගරයේ විශ්වවිද්‍යාල සිසුවෙකු වන හරුකි නිෂි නම් 19 හැවිරිදි අයෙකි.

 

චිබා ප්‍රාන්තයේ 20 හැවිරිදි පුද්ගලයෙකු වන ත්‍රී රෝද රථ රියදුරුට තුවාල සිදුවී නොමැත.

 

මෙම ත්‍රී රෝද රථ අටාමි නගරයේ සංචාරකයින් සඳහා කුලියට ගත හැකි අතර සාමාන්‍ය රියදුරු බලපත්‍රයක් ඇති ඕනෑම කෙනෙකුට ධාවනය කළ හැකිය. 

 

සාමාන්‍ය මෝටර් රථයක රිය පැදවීමේ ක්‍රමයට වඩා මෙය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමය වෙනස් බව පැවසේ.  

 

අනතුරට හේතුව සොයා පලාත් පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 

views

283 Views

Comments

arrow-up