SEP
10
චිබා, ඉබරාකි සහ ෆුකුෂිමා ප්‍රාන්තවල ඇතැම් ස්ථානවලට නායයෑමේ අනතුරු ඇඟවීම්

Ibaraki ප්‍රාන්තයේ Hitachi නගරයේ නිලධාරීන් පවසන්නේ ප්‍රධාන අධිවේගී මාර්ගයකට පස් කන්දක් කඩාවැටීමෙන් මාර්ගය අවහිර වූ බවයි.
මේ හේතුවෙන් මෝටර් රථ හයක සහ බස් රථයක පුද්ගලයන් දස දෙනෙකු මාර්ගයේ සිරවිය.
පසුව ඔවුන් තනිවම තම වාහන ඉවත් කර ගැනීමට සමත් වූ අතර ඔවුන් බේරා ගත් බව පොලිසිය පවසයි.
පවතින අධික වර්ෂාවත් සමඟ චිබා, ඉබරාකි සහ ෆුකුෂිමා ප්‍රාන්තවල ඇතැම් ස්ථානවලට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
වාර්තාගත වර්ෂාපතනයෙන් පසු Kanto සහ දකුණු Tohoku ප්‍රදේශවල ගංවතුර සහ නායයෑම් දැනටමත් වාර්තා වී ඇත.
575 Views
Comments