වසන්ත නිවාඩුව සඳහා ජපානයේ ගුවන් ගමන් වෙන්කරවා ගැනීම් ඉහළට

ප්‍රධාන ජපන් ගුවන් සමාගම්වල සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ එළඹෙන වසන්ත නිවාඩුව සඳහා අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා වෙන්කරවා ගැනීම් සංඛ්‍යාව පසුගිය වසරේ එම කාලයට වඩා සියයට 20 කින් ඉහළ ගොස් ඇති බවයි.
සමාගම් 11 ක් විසින් නිකුත් කරන ලද සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ ඊයේ (21) වන විට මිලියන 2.45 ක ජනතාවක් අප්‍රේල් 29 සිට මැයි 7 දක්වා කාලය සඳහා අභ්‍යන්තර ගුවන් ගමන් වෙන් කර ඇති බවයි.
ප්‍රධාන ජපාන ගුවන් සමාගම් හයකට අනුව නිවාඩු කාලය සඳහා ජාත්‍යන්තර ගුවන් ගමන් වෙන්කරවා ගත් පුද්ගලයින් සංඛ්‍යාව පසුගිය වසරට වඩා තුන් ගුණයකින් වැඩි විය.
තදබදය හේතුවෙන් ගමන් මලු හැසිරවීම සහ ආරක්ෂක පරීක්ෂාවන් සඳහා අමතර කාලයක් අවශ්‍ය වන බැවින් නිවාඩු කාලය තුළ වෙනදාට වඩා කලින් ගුවන් තොටුපළට පැමිණෙන ලෙස ගුවන් සමාගම් මගීන්ගෙන් ඉල්ලා සිටී.
298 Views
Comments