ජපානයට අධික හිරු රශ්මියක්

ජපානයේ පුළුල් ප්‍රදේශවලට දැඩි තාපයක් එල්ල වෙමින් පවතින අතර සමහර කලාපවල උෂ්ණත්වය අංශක 38 දක්වා ඉහළ ගොස් තිබේ.
කාලගුණ බලධාරීන් පවසන්නේ ජපානය ආවරණය වන අධි පීඩන පද්ධතියක් හේතුවෙන් දැඩි හිරු රශ්මිය ඊසානදිග Tohoku ප්‍රදේශයේ සිට Kyushu හි දකුණු ප්‍රදේශය දක්වා යන බවයි.
මේ හේතුවෙන් ප්‍රාන්ත 30 ක් සහ කගෝෂිමා සහ ඔකිනාවා ප්‍රාන්තවල කොටස් සඳහා තාප ආඝාත අනතුරු ඇඟවීම්ද නිකුත් කර ඇත.
වායු සමීකරණ යන්ත්‍ර නිසි ලෙස භාවිතා කරන ලෙසත්, පිපාසය නැති වුවද සජලනය තබා ගන්නා ලෙසත්, අත්‍යවශ්‍ය නම් මිස දිවා කාලයේ විනෝද චාරිකා සහ ව්‍යායාම කිරීමෙන් වළකින ලෙසත් කාලගුණ බලධාරීන් ජනතාවට නිවේදනය කර තිබේ.
309 Views
Comments