ටෝබු සත්වෝද්‍යානයේ ප්‍රවේශපත්‍ර මිල ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
22

ටෝබු සත්වෝද්‍යානයේ ප්‍රවේශපත්‍ර මිල ඉහළට

ටෝබු සත්වෝද්‍යානයේ ප්‍රවේශපත්‍ර මිල ඉහළට

වසන්ත නිවාඩු සමය ළං වන විට ජපානයේ සංචාරක ස්ථානවලට ඉල්ලුම වැඩිවෙමින් පවතී. 

 

ඒ අනුව තෝකියෝ අසල සයිටාමා ප්‍රාන්තයේ ටෝබු සත්වෝද්‍යානය මේ මස මුලදී ප්‍රවේශපත්‍ර මිල යෙන් 100 කින් ඉහළ නැංවීය.  වැඩිහිටියන් සඳහා ඇතුළත්වීමේ ගාස්තුව ඩොලර් 14 ඉක්මවන අතර වයස අවුරුදු තුනේ ළමුන් සඳහා ගාස්තුව ඩොලර් 7 කට ආසන්න වේ.

 

විදුලි බිල,  සතුන් සඳහා මස් සහ අනෙකුත් ආහාර සඳහා මිල ද ඉහළ ගොස් තිබීම මෙලෙස ප්‍රවේශපත්‍ර ගාස්තු ඉහළ දැමීමට හේතුවයි.

 

කොරෝනා නීති ලිහිල් කර ඇති බැවින් සත්වෝද්‍යානය වසන්ත නිවාඩු කාලය තුළ නරඹන්නන් 11,000 කට අධික ප්‍රමාණයක් හෝ පසුගිය වසරේ එම කාලයට වඩා සියයට 20 කට වැඩි ප්‍රමාණයක් අපේක්ෂා කරයි.

 

views

238 Views

Comments

arrow-up