ජපානයේ කොරෝනා රෝගීන් ඉහළට

ජපානයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව රටපුරා අඛණ්ඩව ඉහළ යමින් පවතින අතර සමහර ප්‍රදේශවල සතියෙන් සතිය රෝගීන් සංඛ්‍යාව විශාල වශයෙන් වැඩිවීමක් දක්නට ලැබෙන බවයි.
ජපානය පුරා වෛද්‍ය ආයතන 5,000 ක් පමණ ජූලි 9 දක්වා දින හතක කාලය තුළ රෝගීන් 45,108 ක් වාර්තා කර ඇති බව අමාත්‍යාංශය පවසයි. එම අගය පෙර සතියට වඩා 9,361 කින් ඉහළ ගොස් තිබේ.
එක් ආයතනයක සාමාන්‍ය රෝගීන් සංඛ්‍යාව 9.14 ක් වූ අතර එය පෙර සතියට වඩා සියයට 26 කින් වැඩි විය.
රටපුරා පවතින තත්ත්වය තවදුරටත් සමීපව නිරීක්ෂණය කරන බව නිලධාරීහු පවසති.
291 Views
Comments