ජපානයේ වලස් ප්‍රහාර ඉහළට

ජපානයේ පරිසර අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ වසරේ අප්‍රේල් සිට ජූලි දක්වා කාලය තුළ රට පුරා වාර්තාගත වලස් ප්‍රහාර සංඛ්‍යාවක් සිදු වූ බැවින් අවධානයෙන් සිටින ලෙසයි.
ඒ අනුව Iwate ප්‍රාන්තයේ සිද්ධීන් 15 ක්, අකිටා ප්‍රාන්තයේ 9 ක් සහ Fukushima ප්‍රාන්තයේ 7 ක් ඇතුළුව රට පුරා සිද්ධීන් 53 ක් වාර්තා වී ඇති බව අමාත්‍යාංශය පවසයි.
මැයි මාසයේදී හොක්කයිඩෝ හි හොරකනායි නගරයේ දී වලස් ප්‍රහාරයකින් පුද්ගලයෙකු මිය ගියේය.
ඈතින් වලසෙකු හමු වුවහොත් සන්සුන්ව සිටින ලෙසත් නිශ්ශබ්දව ඉවත්ව යන ලෙසත් නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.
648 Views
Comments