MAR
13
නොබෙල් ත්‍යාගලාභී ජපන් ලේඛකයෙක් අභාවප්‍රාප්ත වෙයි

නොබෙල් ත්‍යාගලාභී ලේඛක Kenzaburo Oe අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 88 කි.
1935 දී ඔසේ ගම්මානයේ උපත ලද ඔහු ළමා විය ගෙවූ ගම්මානයේ ප්‍රතිරූපයත්, යුද්ධය අවසන් වීමෙන් පසු හමුදාවාදයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට මාරු වූ පාසල් අධ්‍යාපනයේ අත්දැකීමත් ඔහුගේ සාහිත්‍ය මූලාරම්භය බවට පත් විය.
Matsuyama Higashi උසස් පාසලෙන් උපාධිය ලැබීමෙන් පසු ඔහු තෝකියෝ විශ්ව විද්‍යාලයට ඇතුළත් විය.
1957 දී ප්‍රංශ සාහිත්‍යය හදාරමින් සිටියදී සාහිත්‍යයට පිවිසි ඔහු 1994 දී සාහිත්‍යය සඳහා නොබෙල් ත්‍යාගය දිනාගත් දෙවන ජපන් ජාතිකයා බවට පත්විය.
243 Views
Comments