කොරෝනා එන්නත ලබා දීමෙන් පසු පිරිමි ළමයෙකු මියයයි

ජපානයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ බරපතල වකුගඩු රෝගයකින් පෙළුණු 1 හැවිරිදි පිරිමි ළමයෙකු කොරෝනා වයිරස් එන්නත ලබා ගැනීමෙන් පසු මිය ගිය බවයි. එන්නත ලබා දීමෙන් පසු කුඩා දරුවෙකු මිය ගිය බවට මෙරටින් තහවුරු වූ පළමු අවස්ථාව එයයි.
ඊයේ (28) පැවති විද්වත් මණ්ඩල රැස්වීමකදී අමාත්‍යාංශය මේ බව අනාවරණය කළේය.
ෆයිසර් එන්නත තුන්වන මාත්‍රාව ලබා ගැනීමෙන් දින දෙකකට පසු දරුවා මිය ගිය බව අමාත්‍යාංශ නිලධාරීහු පවසති. ඔවුන් පවසන්නේ පිරිමි ළමයා ඩයලිසිස් ප්‍රතිකාර ලබමින් සිටි අතර වකුගඩු අකර්මණ්‍ය වීමේ අවසාන අදියරේ සිටි බවයි.
213 Views
Comments