MAY
04
ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා ජපානයෙන් ආධාරයක්

ජපානය ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා ජපන් යෙන් මිලියන 503 ක් ආධාර කර තිබේ.
මෙම ආධාර ලබා ගැනීම සඳහා අප්‍රේල් 26 වන දින තානාපති MIZUKOSHI විසින් සටහන් හුවමාරුවක් අත්සන් කරන ලදී.
මෙම ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවේ පළාත් 9ම ආවරණය වන පරිදි රෝහල් 15 ක උෂ්ණත්ව පාලන සහ පිටාර වායු පිරිපහදු උපකරණ සහිත වෛද්‍ය අපද්‍රව්‍ය දහන යන්ත්‍ර ස්ථාපිත කෙරේ. මෙම ව්‍යාපෘතිය මඟින් ආසාදන අපද්‍රව්‍ය සැකසීමේ හැකියාව වැඩි කිරීමට අපේක්ෂා කෙරේ.
305 Views
Comments