JUL
07
සිසුන් 4ක් ඝාතනයට තැත් කළ ට්‍රක් රථ රියදුරෙක් අත්අඩංගුවට

මියාගි ප්‍රාන්තයේ කුරිහාරා නගරයේ නාගරික ප්‍රාථමික පාසලකට සැහැල්ලු ට්‍රක් රථයකින් ඇතුළු වී ළමුන් හතර දෙනෙකු ඝාතනය කිරීමට තැත් කළ අයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු 34 හැවිරිදි අකිහිතෝ ඔනොඩෙරා නම් අයෙකි.
ප්‍රාන්ත පොලිසියට අනුව ඔනොඩෙරා ඊයේ (06) සවස 3.00 ට පමණ ඔහු සිසුන් සිව්දෙනා ඝාතනය කිරීමට තැත් කළ බවට සැක කෙරේ. ඉන් සිසුන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර තවත් ගැහැණු ළමයෙකු සුළු තුවාල ලබා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවේ.
298 Views
Comments