MAY
04
ටොමියෝකා හිගාෂි හි මහල් නිවාසයක් අසල ගින්නක්

යොකොහාමා නගරයේ කනසාවා වෝඩ්හි ටොමියෝකා හිගාෂි හි මහල් නිවාසයක් අසල ඊයේ (03) උදෑසන ගින්නක් හටගෙන තිබේ.
එහිදී මහල් නිවාසයේ වාහන නැවැත්වීමේ ස්ථානයක නවතා තිබූ මෝටර් රථ හයක් පිළිස්සී ගියේය.
ගිනි තැබීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පුද්ගලයා ඊයේ අලුයම 5.05 ට පමණ තම මෝටර් රථයට ගිනි තබා තවත් මෝටර් රථ හයකද ගිනි තබා ඇති බවට සැක කෙරේ.
270 Views
Comments