රෝමයේ සුප්‍රසිද්ධ ට්‍රෙවි ෆවුන්ටන් වෙත කළු දියරයක් වත් කෙරේ

ඉතාලි රජය පොසිල ඉන්ධන සඳහා ආයෝජනය කිරීමට විරෝධය පළ කරමින් පරිසර ක්‍රියාකාරීන් රෝමයේ සුප්‍රසිද්ධ ට්‍රෙවි ෆවුන්ටන් වෙත කළු දියරයක් වත් කර තිබේ.
මාධ්‍ය ආයතන වාර්තා කළේ ක්‍රියාකාරීන් එළවළු අඟුරු සහිත දියර දිය උල්පතට වත් කර ජලය කළු කර ඇති බවයි.
රොයිටර් විසින් බෙදා හරින ලද වීඩියෝවක දැක්වෙන්නේ විරෝධතාකරුවන් "අපි පොසිල සඳහා ගෙවන්නේ නැත" යනුවෙන් බැනරයක් අතැතිව සිටියදී කළු දියර වත් කරන ආකාරයයි.
පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් ඔවුන් දිය උල්පතෙන් ඉවතට ගෙන ගියේය.
ක්‍රියාකාරීන් සමාජ මාධ්‍ය ඔස්සේ කියා සිටියේ රජය විසින් ෆොසිල ඉන්ධන සඳහා අඛණ්ඩව ආයෝජනය කිරීම දේශගුණික විපර්යාසවලට සහ උතුරු ඉතාලියේ මෑතදී ඇති වූ දැවැන්ත ගංවතුරට හේතු වූ බවයි.
අධික වර්ෂාවත් සමඟ ඇති වූ ගංවතුර තත්ත්වයට ප්‍රතිචාර දැක්වීම සඳහා ජපානයේ පැවැත්වෙන G7 සමුළුවට ඉතාලි අගමැතිනි ජෝර්ජියා මෙලෝනි පැමිණීම කෙටි කර ඇත.
ඇය ඉරිදා ආපදාවට ලක් වූ ප්‍රදේශවල සංචාරය කළාය.
රෝම නගරාධිපති Roberto Gualtieri පැවසුවේ දිය උල්පත පිරිසිදු කිරීම සඳහා ජලය කිලෝ ලීටර් 300 ක් ඉවත දැමිය යුතු බවයි.
218 Views
Comments